41 වෙනි කොටස 🧪

879 146 94
                                    

අපි මේ  ඉන්නෙ මගෙ ඇද උඩ දාලා තියෙන විවිධ ප්‍රබේද වල රෝස පාට උඩ ඇදුම් දිහා බලාගෙන....හෝව් හෝව්....උඩ ඇදුම් කිව්වේ...පිරිමි ඒවා හරි...🤣..T shirt, shirt....

බාබි movie බලන්න යන්න රෝස පාට ඇදුම් අඳින්න ඕනි කියල ට්‍රෙන්ඩ් එකක් යනවනේ ...ඒ  නිසා ඉතිං අපිත් මේ යන්නේ අපෙ ටියාන්ගේ බලවත් මල කරදරේ නිසා එහෙම ඇදගෙන යන්න...ඒත් පුතේ අපි කාටවත් රෝස පාට ඇදුම් තිබුනෙ නෑ....

මගේ ගාව බාගෙට බාගයක් තියෙන්නෙ කලු පාට, අළු පාට, සුදු පාට තමා...තේවි ගාවත් රෝස පාට ඒවා නෑ...එයා ගොඩක් ආස දුඹුරු පාට වගෙ අදුරු පාට වලට...ඒ  නිසා ඉතිං අපි ඔක්කෝටම හරියන්න රෝස පාට ඇදුම් ටෝටො අරගෙන ඇවිල්ල අද එද්දි  ..

අපි ඔක්කොම එකම size වගෙ නිසා ඇදුම් අදින එක අවුලක් නෑ...මාරු කරගෙන...ඒ  නිසා මූ ගෙදර තිබ්බ ඔක්කොම රෝස පාට T shirt, shirt උස්සන් ඇවිල්ල අර ස්කොලෙ මල්ලේ දාගෙන...අපෙ ටොටො  ගාව සාමාන්‍යයෙන් ඕන පාට ඇදුමක් තියනවා...මොකද ඌ ඔය colourfull ඒවට හෙන ආසයි...හැම පාටකම විවිධාකාර ප්‍රබේද ඌ ගාව තියනවා...අපෙ සෙට් එකේ  fashion king ඉතිං ටෝටො තමා...

ඇද උඩ තියෙන විවිධාකාර රෝස පාට ප්‍රබේද වල ඇදුම් අපි ඇදලා බැලුවා...පස්සේ ඉතිං සෙට් වෙන එකක් මම නම් හොයාගත්තා...මුගේ ඇදුම් මූ වගේම සාමන්‍ය නම් නෑ පුතේ....අරහෙන් මෙහෙන් කෑලි එල්ලෙන සුකුරුත්තම් ගොඩයි...

අරහෙන් මෙහෙන් කෑලි එල්ලෙන සුකුරුත්තම් ගොඩයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
_ආදර_සමීකරණ_Where stories live. Discover now