70 වෙනි කොටස

825 140 101
                                    

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.



වෙලාව දැන් රෑ 10 පහු වෙලා... මං ඉන්නෙ කෝපි එක්ක..

උඹලා දන්නවනේ මං කෝපි රසිකයෙක් කියලා...කොපි කියන්නේ අමුතුම හැඟීමක් නේද බන්..මේ වගේ ලාවට හුලං එන රෑක   බැල්කනි එකේ බිම වාඩිවෙලා අහස දිහා බලාගෙන ඉද්දි...මම ආසම වැස්ස එක්ක කෝපි කෝප්පයක් බොන්න..නිකන් කෝපි හොදේ...මොකද කිරි කෝපි එපා...හි..හි....එයා මතක් වෙනවා...

හැබැයි අද නම් වැස්සක් නෑ.. ඒත් අද අදුරු දවසක්...අමාවක නොවුණත් අද අහසේ හද නෑ...ඒත් අහසේ වලාකුළු අස්සෙන් දිලිසෙන වීනස් තවමත් ඉන්නවා...අදුර මැද්දෙ වුණත්...හොදටම අද ඒ දිලිසෙන පාට නැති වුණත්...

සෝසේ පහල අම්මා එක්ක ලොකු කයියක්.. අද ඉරිදා...ඒත් තේවි තවම ආවෙ නෑ...එයා ගෙදර ගියත් හරි තවම එක message එකක් වත් නෑ...අර මහ නිලමේ මාමණ්ඩියා මගේ කොල්ලගේ phone එක වත් අරගෙනද මන්දා බන්..ඒ  නිසා මං එයාට call  කරේ නෑ..

අද ආවෙ නෑ කියන්නේ එයා හෙට ස්කොලෙ එන්නේ නැති වෙයි..ඊයේ අපිට class දාල තිබුණු නිසා දවසම class එක්ක busy වුණා.. අනික මට තේවි නැති අඩුව අපෙ එවුන් දැනෙන්න දුන්නෙ නෑ...මං mood ගහලා ඉද්දි උන් මොනා හරි කියලා මාව හිනස්සුවා...ඒ තමා මගේ එවුන්...

ගෑනු ලමයෙක් වගේ හැමවෙලේම call ,message දදා මට එයාට මේ තත්වෙ එක්ක ඇණයක් වෙන්න බෑනෙ බන්..මොකද මම දන්නවනේ අශ්වින් uncle කියන්නේ එසේ මෙසේ පොරක් නෙවෙයි කියලා..ඒ  නිසා මං එයා එනකම් පුළුවන් තරම් noraml එකෙ ඉන්න try කරා..

එයා අන්තිමට කියල ගියපු දේවල් වළින් be a man කියන එක මගේ හිතෙ තදින් ඇදුනා...මං ඔක්කොම පැත්තක දාලා එයා ළඟ නෑ කියල අඩන එක ඇත්තටම මෝඩ, බොලද දෙයක් කියලා මට එයා නොකියා කිව්වේ ඒකයි.. තේවි දන්නවා මගේ sensitive point එක එයා කියල...ඒ  නිසාම එයා ඒකට භය ඇති...

_ආදර_සමීකරණ_Where stories live. Discover now