90 වෙනි කොටස 🧪

812 113 183
                                    

Ups! Ten obraz nie jest zgodny z naszymi wytycznymi. Aby kontynuować, spróbuj go usunąć lub użyć innego.




සාමන්‍යයෙන් බන් හොඳද...සැපටම නින්ද යන්නේ නින්දත් නොනින්දත් අතර අවසාන තප්පරේ..අර අපි පාන්දර වෙනකම් ඇහරලාආ ඉඳලා හරි, අපිට හිටි ගමන් අභූත හිංසාකාරී හීනයක් පෙනිලා ඩාම් පටොන් ගාලා ඇහැරුනාම හරි....

නැත්නම් බේසික් මදුරු පගයෙක් නිසා හරි....එකපාරටම අපේ නින්ද කැඩිලා ගිහින් අමාරුවෙන් ආයේ නිදා ගන්න ගියත් උදේ වෙලා තියෙන්නේ කියලා දැන දැනත්....එන ඒ මියුරු නිදි මත......

අන්න ඒ නිදි මතේ අවධියේ මං හිටියේ....සනීප සීතල හුළං ටිකක් වැදී වැදී සැපට....ඒත් මගේ බඩ උඩ ගිනි උණු දෙයක් ලාවට එහෙ මෙහෙ යද්දී මං චකස් කියලා කටින් සද්දයක් දාල ඒක අයින් කරන්න අත් දෙක ගසා බසා දාන්න ගියත් මොකුත්ම අතට අහු වුණේ නෑ....

ඒත් ඇස් අරින්න එකපාරටම ලොවෙත් බැරි වෙද්දී තවමත් වැනෙන ඇගට පන නැති විකාර ගතියක් මට දැනුනෙ බං....ඇත්ත වශයෙන්ම කිව්වොත් මං දන්නේ නෑ කොහේද ඉන්නෙ...කොතනද ඉන්නේ...කියලාවත්....

ආයේ අර උණු ගතිය මගේ බඩ උඩ එහෙ මෙහෙ යද්දී නම් මම ඇස් දෙක පියාගෙනම ඉඳලා එකපාරටම අල්ල ගන්න අත දික් කරද්දි උණු උණු දෙයක් දෙය්යනේ කියලා මගේ සුදු බඩ උඩට පත බෑ වුණේ මට එලොව පොල් පෙන්නලා.....

"අආආආආආආව්....මොන හු #$%%%^ නිදා ගන්න දෙන්නේ නැත්තේ.... පිච්චුනෝඕඕඕඕ "

මම එහෙම්මම ඉඳගන්න ගියත් ආයේ මාව හිටපු තැනටම වැටුණා....ඒත්...මට දැනුනා මාව තල්ලු කරපු අතක රස්නෙ.....ඒත් මට එක පාරටම ඇස් දෙක ඇරගන්න බෑ කියහන්කෝ....

මගේ මූණට ,බඩ උඩට තොක් තොක් ගාලා ඒ පාර වැස්සක් වැටෙන්න අරගෙන...අම්මප වැහි වලාකුළක් මගේ කාමරේට ඇවිල්ලද ඒ පාර....

_ආදර_සමීකරණ_Opowieści tętniące życiem. Odkryj je teraz