48 වෙනි කොටස 🧪

794 147 157
                                    

ටියාන්ලා ගෙදර තියෙන්නෙ මේ ළඟ නිසා නිසල් අයියගෙ car එකෙ අපිව සුලා අය්යා එහෙට ගිහින් දැම්මා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ටියාන්ලා ගෙදර තියෙන්නෙ මේ ළඟ නිසා නිසල් අයියගෙ car එකෙ අපිව සුලා අය්යා එහෙට ගිහින් දැම්මා...අපි කිව්වේ අපි තුන් දෙනාව..සෝසේ,මමයි,ටියාන්වයි.මං මේ අවුරුදු කුමරිය තරඟෙට යනවා කියල තේවි දන්නේ නෑ..යුවාන් දන්නෙත් නෑ...උන්ව පුදුම කරන්න ඕනි කියල මුන් කියලත් නෑ..

අපිව දාල සුලක්කන අය්යා ගියේ ලෑස්ති වෙලා ඉවර වෙලා call එකක් දෙන්න කියලා..මොකද බන් අපෙ ස්කොලෙ ගාව ඉඳන් car එක්ක ගියොත් විනාඩි 10 ක‍් වගෙ දුරින් තමා ටියාන්ලා තියෙන්නෙ...අද උන්ගේ අම්මා ගෙදරත් නෑ..Aunty ගිහින් bridal dressing එකකට...උන්ගෙ අම්මට තියනවා බන් කොලඹ ලොකු saloon එකක්..Aunty හෙන famous මනමාලියන්ට අන්දන්න...uncle කොහොමත් එද්දි රෑ වෙනවා...

ටියාන්ට පොඩි කාලෙ ඉඳන් ඕවා දැකල දැකලා හොඳට makeup වැඩ එව්වා මෙව්වා පුළුවන්..උන්ගේ ගෙදරත් තියනවා පොඩි saloon එකක්..අපි මේ ආවෙ ඒකට..ඒක ගෙදරම තියෙන්නෙ..

"ජානු ගිහින් wash එකක් එහෙම දාගෙන වරෙන්...බාත් රොබ් එකක් තියනවා ඇතුලේ ඕක දාගෙන වරෙන්..ඔය ඇදුම් මාරු කරගෙන "

"ම්ම්ම්...ටෝටො..මම ඇගම සෝදගෙන එන්නද..."?

"හා..හැබැයි ඉක්මණට...අපිට ලොකු වෙලාවක් නෑ..හොදේ.."?

"හරි හරි බන්..."

මං මගේ bag එක කවුච් එක උඩ තියලා..ශූ දෙක ගලවලා..කෙලින්ම ගියේ ටියාන්ගේ කාමරේ තියෙන බාත් රෑම් එකට යන්න..ඒ වෙද්දී සෝසේත් දුවගෙන ඇවිල්ල මගෙ ඇඟේ එල්ලුනා...

"ටෝටො මට උබේ shirt එකක් ඕනෙ...මේ බලපං මට තව මේ කහ බතික් shirt එක ඇදන් ඉන්න බෑ..."

"අර..ලා නිල් වගෙ අත් කොට shirt එකක් තියනවා..අල්මාරියේ...මං ඒක අඳින්න iron කරලා ආයේ මේක ඇන්දේ...ඒක උබට ඇති වෙයි බලපං...මං බොන්න මොනා හරි අරන් එන්නම්..බඩගිනි බන්..හිටපන්...යමල්ලා උඩට ..."

_ආදර_සමීකරණ_Where stories live. Discover now