54 වෙනි කොටස 🧪

833 154 233
                                    

Car එක ඇතුළෙ දැන් ටික වෙලාවක ඉඳලා එකම යුද්ධයක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Car එක ඇතුළෙ දැන් ටික වෙලාවක ඉඳලා එකම යුද්ධයක්. අම්මට ඕන සින්දුවද,අයියට ඕනි සින්දුවද අපි දෙන්නට ඕනි සින්දුද කියල තෝරාගන්න බැරුව..ඒ නිසා අපි දෙන්නා අපිට ඕනි සින්දු අහගෙන Air pod ගහ ගෙන නිදා ගත්තා...

නිදා ගන්න කලින් කතා ගොඩක් කියවලා, කාල බීලා මහන්සි වෙලා තමා බං අපි මේ පොඩි nap එකක් දාන්නේ ..අර ගමනක් යද්දී හුළං වැදි වැදී යද්දි සනීපෙට ඇස් වහ ගෙන ජනෙලෙන් එලිය බලාගෙන යනකොට ඉබේම ඇස් පිය වෙලා යන්නේ අන්න ඒක...

මොකද ඉතිං අම්මයි, අයියයි අහන ආදර ගීත නිසා මට හෝ ගාල මගේ කොල්ල මතක් වෙනවා...එතකොට ඉතිං ඉන්න බෑ දුකයි .ඊට වඩා සැපයි k pop සින්දුවක් අහගෙන ගැම්මට යන එක..

ඕ..මරියාචි...ඕ..මරියාචි....

අන්න ඒක play වෙන්නේ දැන් gess කරපල්ලා බලන්න..army ලා ඉන්නො නම්..

අපෙ අම්මටයි, අයියටයි හොදට එදා අවුරුදු උත්සවය දවසේ එව්වා මෙව්වා කියලා මාව අවුස්සලා තියල දැන් තොන්ත බෝලේ වගෙ හොදට නිදි සෝසේ..දෙන්න තියෙන්නෙ මූට..කොහොමත් එයා ලොකු පොල් ටොක්කක් කෑවා මගෙන් ..අනේ ඉතිං තව අඟල් දෙකක් කොට වුණාද මන්දා මගේ කොට මඟුල..මොනා වුණත් මූ ආව නිසා මට පාළු නෑ...

සෝසෙලා තාත්තාලා දුරින් නෑ වෙන කෙනෙක් නැති වෙලා නිසා..එයාලට මල ගෙදර යන්න වෙලා..එහෙ ගියා කියන්නේ මූට අවුරුදු නෑනෙ..ඒ නිසා අපේ අම්මා කියලා රේණු Aunty ට අපෙ එක්ක ගමේ යන්න සෝසේ එවන්න කියල..නැත්නම් ඉතිං ඊලග අවුරුද්දේ අපි exam එක්ක busy වෙන නිසා කොහොමත් ඇවිදින්න බෑනෙ..බන්..අන්න ඒ නිසා තමා මූ අපි එක්ක යන්න ආවේ...

අපි දෙන්නා යුවාන්, ටියාන් දෙන්නා photo යවලා අවුස්සලා හොද ආතල් එකක් ගත්තෙ..මොකද උන් දෙන්නත් හෙන ආසයි අපෙ අත්තම්මලා දිහා යන්න..අපි අපේ wtsp group චැට් එකට photo , Video ,කන බොන ඒවා දදා මුන් ව අවුස්ස අවුස්ස මේ යන්නේ..කොහේද තේවි ගමේ ගියා ගියාමයි වැඩිය Online එන්න නැති නිසා මූ පේන්න නෑ...එයා පස්සේ හරි ඇවිත් බලයිනේ...මගේ කොල්ලගෙන් මාමන්ඩි සැහෙන්න වැඩ ගන්නවද කොහේද...ඇයි යකූ මූ පේන්නම නෑනෙ...

_ආදර_සමීකරණ_Where stories live. Discover now