65 වෙනි කොටස 🧪

900 145 163
                                    

A/N POV


A/N POV

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.



ඉතාලියේ මිලානෝ නගරයට ඒක තවත් එක කාර්යබහුල දවසක්..මිනිස්සු හැමෝම තම තමන්ගෙ රාජකාරි කටයුතු එක්ක කාර්යබහුල වෙලා..

ඉතාලියේ ආඩම්බර හැඩකාරි වුන පීසා කුලුන පේන තෙක් මානෙ තිබුණු මහල් නිවාස සංකීර්ණයක 67 වන මහලේ උස වීදුරු ජනෙලේ ළඟ හිටගෙන හිටපු වයස අවුරුදු 45 ක් විතර වුණ දේහධාරි කඩවසම් මහත්මයෙක් මේ වෙද්දි ගත වුණ විනාඩි 20 ක් තිස්සේ එකදිගට මේ සුන්දර ලස්සන ඉතාලි නගරයේ උඩු දර්ශනය දිහා බලාගෙන ඉන්නවා...

මිළ අධික Marlboro vintage සිගරට් පැකට් එකෙ තිබුණු 8 වෙනි සිගරට් එකත් දෙතොල් අතර තද වෙද්දී සාක්කුවේ තිබුණු දිලිසෙන රිදී පාට zippo lighter එක අරන් ඒක 8 වෙනි වතාවටත් දල්වපු ඔහු පෙනහලු පිරෙන්න සිගරට් දුම උඩට ඇදලා බර ගැඹුරු හුස්මක් පහලට දැම්මේ බාගෙට බීලා කලින් අවසන් කරපු සිගරට් කොටේ අළු බදුණ අස්සේ තද කරමින්...

කෙළවරක තිබුණු sofa එක උඩ කොනක සුදු පාට දිග ලෝගුවක් එක්ක එහි සාක්කුවෙන් එළියට ඇවිත් sofa එක උඩ වැටුණු වෙද නලාවක්...

බටහිර විදියට full සූට් එකක් ඇදලා ඉන්න ඔහුගෙ shirt එකෙ උඩු බොත්තම ගැලවිලා...එක අතක ඇඟිලි අස්සේ Marlboro vintage සිගරට් එකක් රැදිලා තියෙද්දි ..එතනම ටිකක් එහා පැත්තෙ තිබුණු මිනි බාර් එකේ වීදුරු කබඩ් එකක් open කරපු ඔහු විස්කි බෝතලයක් අර ගත්තා..

jack Daniels brand එකෙ විස්කි bottle එකක් open කරද්දී ඔහුගෙ gold පාට ඔරලෝසුවක් බැදි ශක්තිමත් වම් අතේ නහර ඕනවට වඩා ඉලිප්පිලා පෙනුනා...

jack Daniels brand එකෙ විස්කි bottle එකක් open කරද්දී ඔහුගෙ gold පාට ඔරලෝසුවක් බැදි ශක්තිමත් වම් අතේ නහර ඕනවට වඩා ඉලිප්පිලා පෙනුනා

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.
_ආදර_සමීකරණ_Tempat cerita menjadi hidup. Temukan sekarang