96 වෙනි කොටස 🧪

593 95 99
                                    

A/N POV

නුවරට අද උදේ ඉඳන් ටිකක් තදට වැස්ස...ඕනවට වඩා ඊයේ ඇවිස්සිලා තිබ්බ දූවිලි වලට වැහි වැටිලා පලාතම අමුතුම සුවඳයි...

වැටෙන වැස්සක් කියන්නෙම හැඟිම් දිය කිරිල්ලක් නෙවෙයිද....ඒකත් සැරේට අකුණු ගහ ගහ ගොරවනවා නම් සෑහෙන්න වේදනාවක් ඒ අස්සේ හැංගිලා වගේ...ඒකයි ඉඳලා ඉඳලා වහින වැස්සට තෙමෙන්න එපා ලෙඩ හැදෙනවා කියලා කතාවට කියන්නේ...

පොඩි  රවුම් බුරුත ලී මේසෙ උඩ තවමත් දුම් දාන තේ කෝප්පයක්....තේ....නෙවෙයි...ආහ්..ඒ කෝපි...!

වැස්ස වෙලාවකට මරු...එහෙම නේ...??හැබැයි ඔහුට නම් ඒක තව වේදනාවක් විතරයි...ඒකනේ...ඒ  දිහා නොදැක්ක වගේ ඉන්නේ...

තරමක් අදුරු වෙච්ච..ඒත් හරි නිස්කලංක ගුප්ත සීතල තැනකට...පිටස්තර ලෝකෙන් එලිය ගලාගෙන එන්න තිබුණු උසම පත්තර පිටු  පැලැස්තර අලවපු කවුලුව ඔහු ඊයේ මධ්‍යම රාත්‍රියේ ඉඳන් කරපු වෑයමෙන් විවෘත කරගෙන...

දැන් නම් ඒකෙන් ගලාගෙන එන හරියටම වැස්ස එක්ක අළු පාට වෙච්ච එලිය රවුම් ලී මේසෙ උඩ ඕනවට වඩා එලිය කරලා ..හැබැයි හෙවනැලි රටාවකට....මොකද ඔය එලිය පෙරිලා එන්නේ ගස් මුදුන් වල වියන මැද්දෙන් ..

මේසෙ කෙළවරක පොඩි පොඩි කදු වගේ උස තඩි පොත් ගොඩවල්...! පේන විදියට ඒ formula, සමීකරණ,ඉල්ලක්ම්, මූලද්‍රව්‍ය පිරුණු ඔහුගෙ පොත්...!

රවුම් ලී මේසෙට ටිකක් මෙහායින් බිත්තිය අයිනට හේත්තු කරපු පරණ මොස්තරේ sofa එකක්...ඒක උඩ කොණක ටිකක් විසාල පරණ පාට ඒත් සුවපහසු පුළුන් කෝට්ටයක්...

හොඳට සුමටව මැද්ද  රතු සිමෙන්ති ගෙ බිම සීතල යටි පතුල් වලට සනීපයි....ඒත් මේ වෙලාවෙ නම් ඔහුගෙ කකුල් තියෙන්නෙ වේවැල් වළින් හදපු රවුම් කූඩයක් වගෙ පුටුවේ උඩ...හරියටම තමන්ගේ පපුවට තද වෙලා....ඒ උණුසුම් පැතලි පපුවටත්, කකුල් වලටත් මැදි වෙච්ච ඇදුමක්....!ඔහුට නම් මේ අවට ඇති වටිනාම දේ එය වගෙ....

ඒ දුඹුරු පාට ඇස් එක විඩාබර රැයකට පස්සේ තව වෙහෙස පාට වෙලා....ඒත් දිලිසෙන්න එක තෙතමනයක් නෑ ඒ ඇස් වල....ඔහු ඉන්නෙ දිගු කල්පනාවක....උඩ කවුළුවෙන් එන හිරිකඩ පින්න කා වැදිච්ච හුළං රැළි එක්ක සනීප හැඟිමක් අරගෙන ආවත්...ඔහුට එය සැනසීමකින් විඳින්න නම් අදහසක් නෑ වගේ....

_ආදර_සමීකරණ_Where stories live. Discover now