ටික ටික හවස් වෙද්දී ගෙදර ගියපු සමහරු ආයේ ඇදුම් එහෙම මාරු කරගෙන ආවා.class ගියපු එවුන් එහෙමත් ආයේ ආවා..දැන් නම් දවල්ට වඩා කට්ටිය Ground එක පුරා පිරිලා...
අපි එද්දි හිටපු සෙට් එකටම පාන් දුන්නා..බීමත් දුන්නා..ඔක්කොම බෙදාගෙන කාපු නිසා ෂේප් කර ගන්න පුළුවන් වුණා..දැන් නම් බන් හෙන මහන්සි..දන්නෙම නැතුව ලාවට අදුර වටින් පිටින් එද්දි තමා මං වෙලාව බැලුවේ..යකූ..6 30 ත් පහු වෙලා...chemistry class අරින්නේ 7 ට අද...කොහොමත් අරුන් දෙන්නා class ඇරලා එනවා කිව්වේ ස්කොලෙට...අද ගෙදර එන්න පරක්කු වෙයි කියලා මමයි,සෝසේ, යුවාන් අපි ඔක්කොම ගිහින් office එකෙන් call එකක් දීලා අම්මලාට කිව්වා...ඒ නිසා අවුලක් නෑ...ඒත් බන් අරුන් දෙන්නා ආයේ ස්කොලෙට එනකන් බයයි...
යුවාන් stage එක ගහන එකට උදව් වෙනවා...ඌ තනිකර වල් හඩ්ඩෙක් වෙලා..ඌට නම් අවුලක් නෑ..uniform නෙවෙයිනෙ...basketball ගහලා ඇදුම් මාරු කරද්දි ඌ බොටම් එකයි, ස්කොලෙ T එකකුයි දාගත්තා...ඒත් මමයි සෝසේ අතන මෙතන පත බෑවිලා බිම එහෙම ඉඳගෙන තනිකර මඩ කරියො දෙන්නෙක් වගෙ...
Stage එක හදන ඒවට ඩෙස්ක් එහෙම් ඇදලා මං හිටියේ තෙහෙට්ටු වෙලා Ground එකේ බිම ඉඳගෙන...යුවාන් එක්කම stage එක හදන්න උඩ නැගලා හිටපු සෝසේ ඒක එපා වෙලා මගේ ගාවට ආවා...
"මහන්සි....ඕයි...."
"බොමුද සීතල වතුර වීදුරුවක්...."?
"සිරාවට ජානු ...වතුර තිබහයි යකූ...මේ බෝතලේ වතුර බිංදුවක් නෑ... වරෙන්කො යන්න filter එකෙන් පුරවගෙන එන්න.."
"උඹ ගිහින් වරෙන්කෝ ...ඒ මට පාන් කියා ගන්න බෑ මහන්සි...."
"තොට විතරද පගෝ මටත් මහන්සි...එහෙනම්....අනේ යමන්කෝ....."?