94 වෙනි කොටස 🧪

399 99 109
                                    

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


A/N pov

"දිවාකර. ...!!! කියනවා තමුසෙ අර තක්කඩියා එක්ක තියෙන අහවල් ගණුදෙනුව මොකද්ද කියලා..??"
_
_
_
_
_
"මොන..තක්කඩියද අප්පච්චි..."

තේවිගෙ කට හඩ සන්සුන්.....

"ජානු.....ජානුක්‍ය දේවනාරායන "?

කට කොණකින් හිනා වුණ තේවි තව අඩි දෙක තුනක් ඉස්සරහට තිබ්බෙ තමන්ගේ අප්පච්චි ගෙ රතු ගැහිලා තිබ්බ භය හිතෙන ඇස් දෙක දිහා බලාගෙනමයි....

"අප්පච්චි හිතන අහවල් ගණුදෙනුවම තමා...."

"මො....මො....කක්ද ...ප#යා තෝ කිව්වේ...ආහ්....."?

චටාස්....👋

Sofa එකෙ වාඩිවෙලා හිටපු ආදිත්‍ය වගේම doctor දමන්වර එකපාර නැගිටවෙද්දී..තේවිට අඩි දෙක තුනක් පිටිපස්සෙ හිටපු චන්දුල අත් දෙකින්ම කට වහ ගත්තෙ එකපාර වෙච්ච දේ හිතාගන්න බැරි වෙද්දී...

එච්චර සද්දේ කම්මුල් පාරක්....හරියට පෙරහැරේ කස සද්දේ වගේ...හැමෝම නිශ්ශබ්දයි...වේගෙන් හුස්ම අල්ලන අශ්වින්ගෙ සද්දේ ඇරෙන්න තවමත් තේවි දිවාකර ඉන්නෙ මූණ බිමට පහත් කරගෙන....

තේවිගෙ reaction එක මොකක්ද කියල වටේ ඉන්න අයට හිතාගන්න වත් බැරි තරම් තවමත් එයා එහෙම්මයි....

අඩනවද.....?? නෑ..!

හිමින් කම්මුල අල්ලන් ඔලුව උස්සපු ඒ මූණ පුරා තිබුණ බැල්ම....කට කොනේ හිනාව...කවදාවත් දැකල නැති රතු ගැහිලා තිබ්බ ඇස්....

ඔව්...ඒ ඇස් හරි කෙලින්ම තමන්ගේ අප්පච්චි දිහා බලාගෙන හිටියා...එක කඳුළක් නැති...ස්ථිර ඇස්....

"වැරදි කරලා තව උඹ ලැජ්ජ නැතුව කෙලින් බලන්නේ කොහොමද දිවාකර...."?

_ආදර_සමීකරණ_Where stories live. Discover now