21 වෙනි කොටස 🧪

785 129 121
                                    

Oops! Această imagine nu respectă Ghidul de Conținut. Pentru a continua publicarea, te rugăm să înlături imaginea sau să încarci o altă imagine.



Chemistry class එකේ අලුත් පාඩම පටන් ගත්තා විතරයි..රසායනික ගණනය කිරීම්...sir මුල ඉදලම කිව්වේ මේ පාඩම පටන් ගත්තට පස්සේ class miss කර ගන්න එපා කියල..

මොකද  මුලම miss වුණා කියන්නේ පස්සට මේක අමාරු වෙනවා..මොකද බං දැන් තමා ටික ටික හරියට chemistry පටන් ගන්නේ..පළවෙනි දෙවැනි පාඩම් වගෙ නෙවෙයි...3 පාඩමේ ඉඳන් ටික ටික සංකිර්ණ වෙන්න අඩි තාලම දානවා..

අද තේවි ඉන්නෙ මට ඉස්සර පෝලිමේ..මගේ ගාව ඌ වාඩි වූණේ වත් නෑ..හෙම්බිරිස්සාව නිසා..පව් මාස්ක් එකත් දාගෙන බිත්තියට හේත්තු වෙලා පාඩම අහගෙන ඉන්න එයා දිහා මම බලාගෙන හිටියා...

මගෙත් ඔලුව පැලෙන්න රිදෙනවා...ඒත් idex බාම් ගෑවට පස්සේ ටිකක් ෂේප්...මම ඔලුව උස්සගෙන ඉන්න බැරි තැන සෝසේ ගෙ උරහිසේ  ඔලුව තියා ගෙනම sir කියන නෝට් එක ලියනවා...

මූ ඕක ලියන අස්සේ  මූණු මූණු ගානවා ජංකුකාගේ ගෙ  මේ ලඟදි ආපු සිංදුව...ඕක realise වූණේ හිමංශු අය්යලා දානේ ගෙදර දවස් වල...අපි ඉතිං die hard army boy ලා වුණාම පිස්සුවෙන් ඕක ඇහුවා, stream කරා...ඒත්  බන් ඉතිං දැන් ඕකම ඇහිලා ඇහිලා  මගේ මොලේ තනිකර පිස්සු වාට්ටුව වගෙ....

මේ පගයට ආයේ ඕක මතක් වෙලා...ටික දවසක් ඕක අමතක වෙලා තිබ්බේ....අයියෝඕඕඕඕ....දැන් ආයේ ඕක ඔලුවේ play වෙන්නේ....මෙහෙමයි බං මං හරි ආදරෙයි ජංකුකාට...ඒත් ඉතිං එකම ඇහෙද්දි එපා වෙනවනේ....Stream කරද්දී වුණත් මම ඕක අහගෙන ඉන්නෙ නෑ..play වෙන්න දාල පාඩුවේ ඉන්නවා...

කොහෙද අපෙ සෝසේගේ bias jeon jungkook වුණාම...මම කොහොමද නිදහසේ වසන්නේ...😪Jungkook bias වුණාම ඒ යාලුවෝ කොන්ක්‍රීට්  ඇන වෙනවා ආආආආ නැද්ද...ඇයි ඉතිං වැඩිපුර පේන්න ඉන්නෙ එයා නිසා.... මූන්ගේ වට්ස්ඇප් ස්ටේටස් නිකන් තනිකර ඉරක්....🤏😪

_ආදර_සමීකරණ_Unde poveștirile trăiesc. Descoperă acum