82 වෙනි කොටස 🧪

873 133 97
                                    

දෙවැනි වාරේ කියන්නේ අපි තවත් exam එකට ලං වෙලා කියන එක

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


දෙවැනි වාරේ කියන්නේ අපි තවත් exam එකට ලං වෙලා කියන එක. උඹලා දන්නවා පළවෙනි පාර Al exam එකට face කරන කෙනෙක් නම් ඒ භීතිකාව කොහොමද කියල..මොකද දෙවැනි වාරේ කියන්නේ බන් සිලබස් එකෙන් තුනෙන් දෙකක් ඉවරයි කියන එකනේ..

ඉතිං තව ටිකයි..ඒත් බයයි, stress ඔය ඔක්කොම තියනවා..ඒත් සමහරු මේ වෙද්දිත් බයිලා ගහ ගහ ඉන්නවා නම්, ෂෝට් නෝට් එකක් වත් හදල නැත්නම්, පොතක් අතින් අල්ලලා නැත්නම් පුතේ Sorry ඩොට් කොම් තමා...මොකද මං උඹලට මුල ඉඳන්ම කිව්වනේ ෂෝට් නෝට් එහෙම හදාගන්න හැටි..දැන් හරි නම් ඒ පොත් පිරිලා තියෙන්න ඕනේ...

මචං...මෙහෙමයි අපිට තවමත් වාරයක් එහෙම්මම තියනවා..ඒත් ඔය exam භීතිකාව ගැන අපෙ ලොකු මට දවසක් කිව්ව කතාවක් මට හිතුනා උඹලට කියන්න...ඒ කියන්නේ බන් අපි හිතමු අපිට ඔන්න Al ලියන්න තියෙන්නෙ මාසයයි...හරි..උඹලට පට්ට stress..කන්න බෑ බොන්න බෑ මොන මගුල වත් කරන්න බෑ..ගෙදර මිනිස්සු එක්කත් මල පනිනවා..සිරාවට කිවුවොත් උඹලට වෙසමුණියා වැහෙනවා..

එතකොට උඹලට ලෝකෙ නැති බහුබූත හිතෙනව..පාඩම් කරලා ඉවරත් නෑ..අරකයි මේකයි..ඔහොම..මචං මෙහෙමයි බන්..හරි නම් අපේ ලොකුගේ තියරියට අනුව මාසෙකට කලින් උබලා පාඩම් කරලා ඉවර වෙන්න ඕනි...සේරම I mean subject 3 ම...උඹලට උඹලා ඉගෙන ගන්න subject 3 අස්සේ ආගන්තුක තැන් තියෙන්න බැහැ..ඒ කියන්නේ පාඩම් කරලා තියෙන්න ඕනි කියන එකනේ නේද..

First time exam කරන කෙනෙක් නම් මුල ඉඳලා ඕක balance කරගෙන ගියොත් කර ගන්න පුළුවන්..එත් පුතේ හැමෝටම බෑ..මොකද මිනිස්සු ඔක්කොම එකවගේ නෑනෙ...අනික අපි හැමෝටම මොලේ එකවගේ පිහිටන්නේ නෑනෙ බං..මොකද මිනිස්සුන්ට මොලේ තිබ්බට ඒකෙන් ප්‍රයෝජන ගන්නේ කොහොමද කියලා ගොඩක් මිනිස්සු දන්නේ නෑ..ඒක පොඩි කාලේ ඉඳන් අපි වර්ධනය කර ගන්න ඕනි දෙයක්...

_ආදර_සමීකරණ_Where stories live. Discover now