31 වෙනි කොටස 🧪

935 143 130
                                    

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Ok..ok...let's go...

Run bulletproof, Run ....Yeah,you got a run ....
Run bulletproof, Run ...yeah ,you got a run.....
Run bulletproof run......

3 වෙනි පාරට ඇහුන alarm සද්දෙ එක්ක මං උඩ විසි වෙලා ඇහරුනේ කන ගාව ලතෝනි තියන run bulletproof සද්දෙ එක්ක....කවුද යකූ alarm එකට මේ සින්දුව දැම්ම ප#යා....

මං දාලා තිබ්බේ ඕක නෙවෙයිනෙ...අරුන් තමා මෙහෙ ඉද්දි ඕක වෙනස් කරන්න ඇත්තේ.... එකපාරක්  මුන් fire ringing tone  එකට දාලා උඩ විසික්  වෙලා  මාව ඇදෙන් බිමටත් වැටුණා....

නිදි මත අස්සේ මගේ යටට  යට වෙලා තිබ්බ phone එක හොයාගෙන වේලාව බලද්දි   9 10 වෙලා.....ඒත් තවමත් මට ගිනි නිදි මත...අරූ නැගිටලාද මන්දා....හීනෙන් දැක්කෙත් ඌව...දැන් මගේ හිත කලින්ට තරම් නම් කලබල නෑ...

මං කට වටේ බේරුණු  කෙළ ටික පිහිදාගෙන වැනි වැනි  wash room එක අස්සට ගිහින්...මූණ ටිකක් සෝදගත්තා....ඒත් නිදි මතයි යකූ..අර එකපාර ඇහරුනාම ටිකක් ට්‍රැක් out වෙන්නේ එහෙම....ඒඒඒඒඒඒ....දැන් ආයේ පහලට යන්න එපැයි...

පොත් මේසෙ තිබ්බ පොත් ටික හොයාගෙන, highlight pen ටිකයි, pencil case එකයි අරන් මම කාමරේ අස්සෙන් එළියට ආවා...තේවි පහලට ගියාද මන්දා...මම උගේ කාමරේට ඔලුව දැම්මා...

හෑ...මූ නෑනෙ...

මං යද්දි මෙන්න මූ පහල tv බලනවා...අම්මා එක්ක හොඳ කයියක් දාගෙන...

"ආආ...නැගිට්ටද....ජානු මහත්තයා...කන්නෙ නැද්ද ළමයෝ...දැන් වේලාව කීයද...මේ ළමයත් කන්නෙ නැතුව ඉන්නවා ඔයා එනකම්...."

"ටිකක් නින්ද ගියා අනේ...මටනේ ඔලුව රිදෙන්නේ එහෙනම්....අම්මා කෑවද..."?

"මම කාලා දැන් දිරවලත් ඉවරයි...මං මේ ඔයා නැගිටිනකන් හිටියේ...දෙන්නා කාල ඔය බත් මාළු වහලා, පාඩම් කරලා නිදාගන්න...මං යනවා නිදාගන්න...මං උදේම යන්න ඕනෙ චුටි....හෙට අර ළමයා මහරගම යවන්නේ..."

_ආදර_සමීකරණ_Where stories live. Discover now