19 වෙනි කොටස 🧪

774 125 112
                                    

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.




සිරාවට ඒ බැල්ම දරාගන්න බැහැ...අළු වෙලා යනවා...මගේ පපුව...ඉතිං මම ෂේප් එකේ මොකුත් වූණේ නෑ වගෙ ආයේ පොතේ හදපු ගනන් බොරුවට බල බල ඉද්දි 8 ,9 වසරේ වගෙ පොඩි එකෙක් අපෙ පංතියට දුවගෙන ආවා...ෂෙහාන් කාරයාට මූණු මුණු ගාලා පණිවිඩය දුන්න ඌ දිව්වා අස්ස කුලප්පුව හැදිලා වගෙ...

"Colour day item වලට ඉන්නෙ කවුද..මේ පංතියේ...?අන්න practice වලට පහල music room එකට එන්නලු...කොහේ ගියත් කමක් නෑ මේ දුන්න ගනන් ටික හදල තමා යන්න වෙන්නේ උඹලට හරි....කෝ කවුද ඉන්නෙ..."

මං, රූමල් එක්ක නැගිට්ටා...ඔන්න ඔන්න අපෙ maths sir ට sid ආවේස වෙලා වගෙ බලාගෙන ඉන්නවා ඒ පාර...

"ජානුක්‍ය....??? ...තමුන්....හොඳයිනේ ...මොකක්ද item එක..."

"සින්දුවක් sir...."

"ම්ම්ම්ම්...Good Good....පුදුමයි මේ වගේ clam වැඩකට උඹලා සම්බන්ධ වුණා කිව්වම...නැත්නම් ඉතිං අර බැට්, බෝල් ටිකත් අරගෙන ground එකේ වල බහිනවා නේ...ඌරෝ රැල වගෙ...කෝ ගනන් හදල ඉවර ද..පොත් අරන් එනවා...."?

මම ඔක්කොම ගනන් හදල තිබුණේ...ආයේ sir කාරයා ඇස් රෝල් කරලා මගේ දිහා බැලුවා....පොරට හිතාගන්න බෑ මම ඔක්කොම හදල කියලා ...

'ප්‍රගතියක් තියනවා....වැඩ බැරි එවුන් නෙවෙයිනේ ...උනන්දුව තමා ඕනි....clz එකේ මේ පාඩම කරලා වගෙ....මොනා වුණත් ක්‍රමේ ඔලුවට දාගෙන තියනවා...ඒකයි වටින්නේ..."

"යනවා...යනවා....ගිහින් practice කරලා එනවලා...තමුසෙලා දෙන්නා විතරයි ද ඉන්නෙ..මේ පංතියෙන්..."?

"ඔව් sir..."

"මේ පාර best item award එක maths එකට ගෙන්න හොඳට පුරුදු වෙයල්ලා....කොහොමත් දවස් 4 නේ..ඒකේත් මැද නිවාඩු දවසක් එනවනේ පෝය නිසා..."




_ආදර_සමීකරණ_Where stories live. Discover now