61 වෙනි කොටස 🧪

804 145 86
                                    

නිවාඩුව ඉවර වෙලා ආයේ ගෙදර ආවට පස්සේ දවස් ගෙවිලා ගියේ හරි හිමින්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

නිවාඩුව ඉවර වෙලා ආයේ ගෙදර ආවට පස්සේ දවස් ගෙවිලා ගියේ හරි හිමින්...මට කේන්ති..ආසම දවස් වේගෙන් ගෙවිලා යද්දි..අපි ගෙවා ගන්න බලාගෙන ඉන්න දවස් හිමින් ගෙවෙන කොට එපා වෙනවා නේද බන්...

අම්මා ආයේ වැඩට යන්න කලින් අපි මෙහේ අම්මගෙ යාළුවෝ කීප දෙනෙක්ගෙ ගෙවල් වල ගියා..මොකද ගමේ අවුරුදු සමරලා ආවා වගේ නෙවෙයි මෙහේ ඉන්න අයත් අමතක කරන්න බෑනෙ...

අයියා ආය campus යනවා කිව්වෙත් මට ස්කොලෙ පටන් ගද්දි නිසා අපි ගෙදර ඇවිල්ලා අනිත් පහුවදාම මෙහේ නෑගම් යන්න පටන් ගත්තා...

අත්තම්මා දුන්න කැවිලි පංගූවත් අරගෙන ඉස්සෙල්ලා අපි ගියේ කොලඹ පුංචිලා දිහා.අපෙ පොඩි එකී විසූව මං ගමේ ඉද්දි ඔන්චිල්ලා පැද්ද ඒවගෙයි, ගඟේ ඔක්කොම නාපු ඒවගෙයි, අර අපි රෑ යවපු ලන්තෑරුම් පෙන්නලයි අව්ස්සලා තිබුණේ.

මේකි තරහ වෙලා ඒකට අපි ඔක්කොම එක්ක...පුංචි එක්කත් මල පැනලා...පස්සේ ආයේ ඊලග පාර යමු කියලා ෂේප් කර ගත්තෙ...

අම්මා සචින් අය්යලා දිහා යං කියලා කිවුවත් අය්යා නම් බෑම කියා ගත්තා..ඒත් මූට යන්න ඕනි කියල මං දන්නව..ඒත්  ඉතිං කාලයක් නොදැක ඉඳලා මෙහෙම දකිද්දී අමුතුයි කියලා මූ බෑ කියා ගත්තා...

ඒත් ඉතිං මූ ගාව වෙනම සැලස්මක් තිබුණා...කපටි ලොකු මාව ඇමකට දැම්මා...කොහොමත් ලොකු ඔහොම ගෙවල් වල යන්න එන්නේ නෑ..

අපි පුංචිලා ගෙදර ගිහින් සචින් අය්යලා ගෙදර යද්දි එයාලා රට ඉඳල ආපු සීයලා...ඔක්කොම, ටයිෂු,සචින් අයියගෙ අක්කා..ඔක්කොම ට්‍රිප් එකක් ගිහින්..අයියයි එයාගෙ අම්මයි විතරයි හිටියේ එදා ගෙදර...

අපි තේ බීලා කතා බහ කරලා අම්මලා එහෙ මෙහේ වෙනකම් ඉඳලා අපේ නිවාඩු කාලෙ දේවල් බෙදා ගත්තා...වෙනදට වඩා දැන් සචින් අයියගෙ තත්වෙ සැහෙන්න හොඳයි...

_ආදර_සමීකරණ_Where stories live. Discover now