86 වෙනි කොටස 🧪

728 124 217
                                    

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මම මෙහෙම ඇහුවොත්....සතුටින් ඉන්න හේතුවක් ඕනිද....වෙලාවක් ඕනිද.....??

නෑ...මගේ උත්තරේ නම් ඒක...හේතු මගුලක් ඕනෙ නෑ බන්...ඒත් උඹලා දන්නවා ගොඩක් මිනිස්සු තවමත් දන්නේ නෑ දෙවියෝ සතුට හැංගුවේ කොහේද කියලා...

උඹලා දන්නවද...ම්ම්ම්ම්...???

හන්දි ගානේ තියෙන club වල pub වල, ඇල්කොහොල් වල , නැත්තං ලොකු මාලිගා වගෙ ගෙවල් වල, මර්සිඩික්ස් බෙන්ස්,ෆෙරාරි,අවුඩි කාර් වල , ගැඹුරු මුහුදේ,එහෙම නැත්නම් social media අස්සේ...

නෑ...කොහෙත්ම නෑ...ඒ තැන් වල එච්චර වටින හැඟිමක් හංගන්න දෙවියෝ කැමති වුණේ නෑ..මොකද මිනිස් මොලේ අනාගතේ දියුණු වෙනවා කියලා දෙවියෝ දැනගෙන හිටියා..මිනිස්සු දියුණු වෙද්දී සල්ලි හොයලා ලොකු ගෙවල් දොරවල් හදල සුපිරි වාහන ගත්තම ඒවා අස්සේ සතුට හංගන්න දෙවියෝ කැමති වුණේ නෑ...ඒ සල්ලි නිසා එයාලා club ගානේ pub ගානේ යයි එතකොට ඒ තැන් වල ලේසියෙන් හොයා ගන්න පුළුවන් සතුට හංගන්න දෙවියෝ ලෑස්ති වූණේ නැහැ...

එතකොට social media අස්සේ...අනාගතේ මිනිස්සු වැඩිපුරම රැදෙන්නේ මේවා එක්ක නිසා කොහෙත්ම සතුට ඉක්මණට හොයාගන්න තැනක හංගන්න දෙවියන්ට ඕනි වුණේ නෑ....ඉතිං ඒ නිසා දෙවියෝ මිනිස්සු පාවිච්චි කරන ,ලේසියෙන් මිනිස්සුන්ට හම්බ කරන්න, ලබා ගන්න පුළුවන් භෞතික වස්තු වල සතුට හංගන අදහස අත් ඇරියා...

ඉතිං උබලා හිතන්නෙ ඇත්තටම දෙවියෝ කොහෙද මේ සතුට හැංගුවේ...මිනිසා තුළමයි....

උඹලා දන්නවද ඒකට හේතුව...මිනිස්සු කවදද තමන්ගේ තුළ තිබ්බ සතුට හෙව්වේ...මිනිස්සුන්ගේ ස්වභාවය තමා බං භාහිර දේවල් වලයි,භාහිර පුද්ගලයන් තුළ තමන්ගේ සතුට හංගලා තියනවා කියලා විශ්වාස කරන එක...

_ආදර_සමීකරණ_Where stories live. Discover now