![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. මට ලාවට නින්ද යද්දි පාන්දර 3 ත් පහු වෙලා. කකුලේ තුවාලේ මගේ කේන්තිය නිසාම ගොඩක් පාරක් පෑරුනා..තුවාලෙට බම්බු ගහන්න කියල මම කේන්තිය නිසාම බිමම නිදා ගත්තෙ ආයේ නැගිටලා ඇදට යන්න මට පනක් නැති නිසා..
කොහොමහරි ඊයේ රෑ නාඩගම් එක්ක නිදි මරලා ඇහැරෙන කොට උදේ 11 ත් පහු වෙලා...මං කට කෙල පිටින්ම නැගිට්ට ගමන් නොන්ඩි ගහ ගහ සාලේට දිව්වේ hospital යන්න ලෑස්ති වෙන්න..ඒත් ඒ වෙද්දි කවුරු හරි අපේ කුස්සියේ ඉන්නවා...සෝසේ වත් ද.....?
"අම්මා.........😲...ඔයා කීයටද ආවෙ....?"
"ආහ්ආ......නැගිටලා තියෙන්නෙ මේ අපේ චන්ඩියා...කකුල කොහොමද ජානු දැන්..කෝ බලන්න තාම උණද..."?
"උණ බට වෙලා තියෙන්නෙ අම්මේ....තේවිට කොහොමද...යැගීට,ටෝටොට...මොකක්ද වූණේ අම්මේ...රෑ...?"
"ඔක්කොම හොඳින්...ලොකු අමාරුවක් නෑ අපේ පොඩි එවුන් ටිකට දෙය්යනේ කියලා...ඒ වුණාට චූටි...5 දෙනෙක් දැනට මැරිලා..තුවාල ලෙඩ්ඩු ward වල පිරිලා..මං දැන් ආයේ යන්න ඕනි...පුතා..හුස්මක් ගන්න වේලාවක් නෑ..මං ඇවිල්ලා ඉව්වා...කන්න...වෙලාවට බෙහෙත් බීලා...ඉන්න..අද කොහොමත් ස්කොලෙ යන්න බෑනෙ ඔක්කෝටම..."
"අම්මේ...මමත් ලෑස්ති වෙන්න ද ඔයා එක්ක hospital එන්න..."
"ඒ මොන එකකට ද...ළමයෝ "?
"අපේ අය බලන්න යන්න...අනේ..."
අම්මා මට දඩ බඩ ගාලා තේ එකක් හදල දීලා හිනා වුණේ මගේ අවුල් වුණ කොන්ඩෙ අත ගාන ගමන්..
"ආහ් ඔයාට cream bun අරන් ආවා මම..තේ බීලා කාලා අර ළමයටත් ඉතුරු කරන්න...මම wash දාගෙන එන්නද චූටි...අද මට day ,night දෙකම ඉන්න වෙයි..තුවාල ලෙඩ්ඩු වැඩි නිසා..."
![](https://img.wattpad.com/cover/345402672-288-k926073.jpg)