යදම් - 68 (අවසානය)

2.6K 280 112
                                    

"ඇයි නැන්දෙ?..භානුට මොකද වෙලා තියෙන්නෙ?"

"අනේ පුතේ ...කොල්ල කතා කරන්නෙ නෑ..නැගිටින්නෙ නෑ..පණ නෑ ව....."

    මට ඇහුණෙ නැන්දගෙ විලාපෙ ඒ ටික විතරයි..මට වේගෙන් දුවගෙන ආවෙ භානුලගෙ ගෙදරට..පපුව ගැහෙනව වේගෙන්..දෙයියනේ...කොල්ලට මොනව වෙලාද මොනව හරි බීලද ...

    මං කෙලින්ම දුවගෙන ගියෙ භානුගෙ කාමරේට..කොල්ල ඇදේ නිදාගෙන..උඩ අතට..මගෙ ඇඟම වෙව්ලනව..මං එයා ලගට ගිහින් නහයට ඇගිලි දෙක තිබ්බ..ඇති යන්තම් හුස්ම ගන්නව...

"භානු ...භානු...නැගිටින්න රත්තරන්...මොකද වුණේ..?"

    මං උරහිස් දෙකක හොලවල කෑ ගැහුවට භානු කිසි ප්‍රතිචාරයක් නෑ..තොල් දෙක ඉබල බැලුවෙ මොනව හරි බීලද බලන්න..ඒත් වෙනසක් නෑ...මොකක්ද දෙයියනේ වෙලා තියෙන්නෙ..මට ඇඩෙනව..

"කෝ අයින් වෙන්න..වාහනේ එලියට අරන් තියෙන්නෙ"

     මාම දොර ලගට ඇවිත් කියද්දි මං එහෙමම භානුව අත් දෙකට ගත්ත..ඒ අත් , බෙල්ල කඩා වැටිල තියන හැටි දැක්කම පපුව පැලෙන්න එනව..මං වාහනේ පිටිපස්සෙ සීට් එකෙන් භානු තියල ඉඳගන්න හදද්දිම මාම ආව..

"ඔයා යන්න..රවීන් එයි "

    මාම තරහෙන් වගේ කියද්දි රවීන් අයිය කාරෙකේ දොර ලඟ..අපේ ගෙදර හැමෝම ඇවිත් අපි දිහා බලන්..

"සුදු පුතා ඔයා එන්න "

   තාත්ත කතා කරද්දි මං නැගිටල භානුව රවීන් අයිය ට බාර දීල ආවෙ පපුව ගැලවිල යනව වගේ දැනෙද්දි..මාම ඒ තරම් නපුරු ඇයි..එයා හිතනවද මං හින්ද මේ හැමදේම වෙන්නෙ කියල..මගෙ කොල්ල ලඟ මං නැතුව වැඩක්ද..

    මාම වාහනේ ගනිද්දි රවීන් අයිය භානුව බදාගෙන අල්ලන් ...මට එයාල දිහා බලන් ඉන්න වෙලාවක් නෑ..

"නැන්දෙ ..භානු මොනව හරි බිව්වද..?"

"අනේ නෑ පුතේ..මොනවත් අරගෙන නෑ..එහෙම නම් ගදවත් එනවනෙ..මට තේරෙන්නෙ නෑ පුතේ මේ ලමයට මොනව වුණාද කියල..?"

     නැන්ද අඩාගෙන කියද්දි මං ආයෙමත් දුවගෙන ගියෙ භානුගෙ කාමරේට..තත්පර ගාණක් ඇතුලත මං මුලු කාමරේට පිස්සන් කොටුවක් කරේ භානු ලඟ වස මොනවහරි තිබ්බද කියල බලන්න..ඒත් නෑ..මං ඇද ඇතිරිලි ඇදල , මෙට්ට යටත් බැලුව ..මොකුත් නෑ..කොට්ටෙ යට හිස් බෙහෙත් කාර්ඩ් එකක්..අහ්..නිදි පෙති..කොල්ල නිදි පෙති ගහලද...එක කාඩ් එකක් විතරයි තියෙන්නෙ..ඒ කියන්නෙ මේක විතරද අරන් තියෙන්නෙ..ශිට් ..ඇයි භානු මෙහෙම කරේ..

යදම්Where stories live. Discover now