We've updated our Content Guidelines.
Review the latest guidelines to keep sharing stories safely.

යදම් - 52

4.5K 403 27
                                        

යදම් - 52

     දවස් දෙකක් ගියා.ඒ දවස් දෙක ඇතුළත නේහා.මට නිතරම කෝල් කර කර ඇඩුවෙ භානුට මොකුත් දෙන්නෙ නෑ..එයාව අතාරින්න කියල..මං සමහර වෙලාවට පෝන් එක ආන්සර් නොකර හිටියෙ මට ඒක අහන්න බැරි හින්ද..අසම්මත ආදරේ බාහිර බලපෑම්වලදි හරි දුර්වලයි..පැවැත්මට ඉදිරිපත් කරන්න හේතු නෑ...ඒ හින්දම ඒ ආදර කතා හැංගිලා යන්නෙ හරියට ඝන වලාකුළකට හද හැංගෙනව වගේ...කාටවත්ම පේන්නෙ නෑ..කවුරැවත් දන්නෙනෑ...

    භානු ගෙදර ඇවිත්..ඒ නේහලගෙ ගෙදර යන්න....අපේ ගෙදරත් හැමෝම කතා වෙනව....ඒත් මට යන්න හිතෙන්නෙ නෑ..මං භානු හම්බවෙන්නත් ගියෙ නැති තරම්..අපේ ගෙදර අක්ක යි රවීන් අයියයි විතරක් හරි  අපිව තේරැම් අරන් ඉන්න එකට හිතට පොඩි නිදහසක් ...

   "සුදූ..ඔහොම දුකෙන් ඉන්න එපා ..මටත් අවුල් ..හිච්චිටයි ඔයාටයි ඔයාල හිතන ජීවිතයක් ගත කරන්න නම් ඔයාලට හැමෝම අමතක කරන්න වෙනව..... ඒත් මං දන්නව වැරදිකාරයෙක්ට වෙඩි තිබ්බත්  මගෙ මල්ලිට ඒ වගේ තීරණයක් ගන්න තරම් දැඩි හිතක් නෑ කියල.ඔයාට කරන්න තියන එකම දේ ආදරෙන් හිච්චිට සමු දෙන එක..ඔයා මගෙ දරුවෙක් වුණා නම් මං බලන්නෙ ඔයාගෙ සතුට .ඒත් අපේ අම්මල තාත්තලගෙ ජෙනරේශන් එක ඔය වගේ දේකට සූදානම් නෑනෙ..ඒ හින්ද හොද ලමය වගේ ඔහොම අප්සෙට් මූඩ් ගහල ඉන්න එපා..තියන තත්වෙ තේරැම් අරන් හිත හයිය කරගන්න බලන්න.."

    අක්කා කියෙව්වෙ මාව තනියම අල්ලගත්ත වෙලාවක..හැමෝටම එහෙම කියන්න පුළුවන්..ඒත් ඒකෙ වේදනාව දන්නෙ විදින එකා විතරයි..

   නේහාගෙ ගෙදර යන්නෙ හෙට..මං ඇදට වෙලා කල්පනා කර කර හිටියෙ ඒ තත්වෙට මූණ දෙන්නෙ කොහොමද කියල..

"සුද්දා....?"

   භානු කෑ ගහගෙන ආවෙ මගෙ කාමරේට..ඒත් මට එයා එක්ක කතා කරන්න දුකයි...

"සුද්දා..?"

    භානු ඇවිත් ඇදෙන් ඉදගද්දිම මං බිත්තිය පැත්තට හැරිල ඇස් පියාගත්තෙ බොරුවට නිදි වගේ ඉන්න..අම්මයි තාත්තයි, ගෙදර නැති හින්ද හොදයි..නැත්තම් තාත්ත ඉන්න තැන අපි දෙන්න ඉස්සර වගේ ලං වෙලා ඉන්නෙ නෑ දැන්..අක්කලත් ෂොපින් කරන්න ගිහින්..

යදම්Stories to obsess over. Discover now