යදම් - 57

959 151 11
                                    

    පහුවදා  උදේම බෝඩිමට ගියෙ ගෙදර ඉදන් මේ වැඩේ කරන්න අමාරැ හින්ද............. දවල් වෙද්දි ආපු අවාසනාවන්ත ආරංචිය ..DNA test එකේ විදියට ඒ ලේ බිංදු භානුගෙ..ඒත් මං ඒක බලාපොරොත්තු වුණ රිසල්ට් එකක් හින්ද පුදුම වෙන්න දෙයක් නෑ..දැන් තමයි හොදට හිතල වැඩ කරන්න ඕන වෙලාව...මේක කරපු එකා ව කොහොමහරි හොයාගන්නව කියන සිතුවිල්ල එක්ක මගෙ ඔලුවට ගලාගෙන ආපු අදහස් එකින් එක එකතු කරල යන්න ඕන පාර හදාගන්න ප්ලෑන් එකක් ගහ ගත්ත....

     මං කණ්ණාඩිය ඉස්සරහට ගිහින් මගෙම රූපෙ දිහා ගොඩක් වෙලා බලන් හිටියෙ මොන විදියටද වෙනස් වෙන්නෙ කියල හිත හිතා..

VAGUS

    ක්ලීනින් යන්න බැරි වෙයිද...ඒක අරන් ඉවරයි.ඒත් CEO එක්ක කතා කරොත්..කොහොමත් මගෙ සාමාන්‍ය පෙනුමෙන් ඒ වගේ වැඩක් කරන්න බෑ..උඩට හදපු කොණ්ඩෙ,ලොකුවට මහත නැතත් මාංශ පේශී පිරුණ අත්, උසට හරියට විදියට තියන කට් බොඩි එක..මේව දැක්කම ඕන එකෙකුට හිතෙනව මං ක්ලීනින් කරන එකෙක් නෙමේ කියල..ඒත් මට මේ විදිය කොහොම හරි වෙනස් කරගෙන කම්පැණි එක ඇතුලට රිංග ගන්න ඕනෙ ..

     මං ඉස්සෙල්ලම ගියෙ සැලුන් එකට..පර්මනන්ට් විදියට කොණ්ඩෙ තැනින් තැන සුදු පාට කරේ අකලට කොණ්ඩෙ පැහිල වගේ පේන්න..ඒ එක්කම ඝනකමට තිබ්බ කොණ්ඩෙ ස්ට්‍රේට් කරල තෙල් ගොඩක් ගාල පැත්තට පීරැවෙ ටිකක් දුප්පත් , ස්ටයිලිෂ් නැති පෙනුමක් ගන්න..ඒත් කොහොමද ඇඟ නොපෙන්වා ඉන්නෙ...ඒක කරන්න පුලුවන් ඇඟට වඩා සයිස් වැඩි ඇදුම් ඇන්දම..මං සාමාන්‍යයෙන් අදින සයිස් එකට වඩා ලොකු ශර්ට් එකක් ඇදල කලිසමට යට කරල ආයෙත් මං ගියෙ කණ්ණාඩිය ඉස්සරහට ..අහ්..... මටවත් අඳුනගන්න බැරි විදියට වෙනස් වෙලා .මේ දවස් දෙක තුනට යන්තමට වැවුණ රැවුලත් හින්ද පොඩි අපිළිවෙළ පෙනුමක් ඇවිත්...

ඊළඟට....දන්න කියන එකෙක්ගෙ මාර්ගයෙන් සල්ලි ටිකක් දීල බොරැ සහතිකයක් හදාගත්ත.... කලින් කම්පැණිය එකක අවුරැදු දෙකක් කිසිම ප්‍රශ්නයක් නැතුව , හොද චරිතයකින් තියාගෙන ක්ලීනින් සර්විස් කරා කියල...සර්විස් සර්ටිෆිකට් එකක්..

      පහුවදා උදේ නවය විතර වෙද්දි මං හිටියෙ Vagus එක ඉස්සරහ...තට්ටු ගාණකට බිල්ඩිම ඉස්සරහට වෙලා විනාඩි පහක විතර මනෝලෝකෙක කිමිදුනේ ඉස්සරහට කරන්න තියන වැඩ ගැන හිත හිතා..ඒත් අපතේ යවන්න කාලයක් නෑ..මං පලවෙනි පියවර තිබ්බෙ රිසෙප්ශන් එකට..

යදම්Where stories live. Discover now