යදම් - 48

1.2K 185 12
                                    

   "ඒහ්..අයාල්..අර?"

    මං එකපාරටම දැක්ක දෙයින් පුදුම වෙද්දි අයාලුත් ඉක්මනට මං පෙන්නපු පැත්ත බැලුව.

"මොකක්ද ?"

  "අර ඉන්නෙ එදා මං උබට කිව්වෙ..දම්පාට ඇදන් හිටපු ටී ශර්ට් කාරය ..අර රතු පාට ශර්ට් එකක් ඇදන්"

"අඩෝ..ඒ කොහොමද..?:

"අවදානෙන් ඉදපන්..ඌ ලග ගන් එකක් තියනවද දන්නෙ නෑ"

    මගෙ පපුව වේගෙන් ගැහෙනව.. මිනිහ කම්පැණි එකෙක් නෙමේ..ශුවර් එකටම භානුට මොනව හරි කරයි..ඒත් ඌ ඉන්නේ භානුට ගොඩක් දුරින්.භානු දිහා බලනවට වඩා උගෙ ඇස්වලට දෙක හෝල් එක පුරාම ගියෙ වෙන ඉලක්කයක් ගන්න වගේ....මං භානු දිහා බැලුව..පව් මගෙ කොල්ල ..මොකුත් දන්නෙ නෑ..අනික් උන් එක්ක හිනා වෙවී කතාව..හැමෝම කෑම කාල ඉවර වෙනකම්ම  මායි අයාලුයි ඇහැ ගහගෙන හිටියෙ රතු ශර්ට්කාරය දිහා ..මිනිහ ටිකක් උස මහත කොණ්ඩෙ කර්ල්  පාතාල ටයිප් එකෙක්..

    භානු යාලුවො එක්ක ඩ්‍රින්ක්ස් ගන්න තැනට ගියා..අපි දෙන්න නොකා නොබී වැඩ..කකා හිටියොත් මේව කරන්න වෙන්නෙ නෑ..රතු ශර්ට් කාරයත් එක එක්කෙනා එක්ක කතාව..ඒත් පේන විදියට ඌ දන්න වෙන කවුරැත් නෑ වගේ ..එහෙමම කියන්න බෑ..සමහර විට ඒ ගැන්සියෙ තව අය මෙතන විසිරිලා ඉන්න පුළුවන් ..

    ටික වෙලාවක් යද්දි ඩී ජේ මියුසික් දාල..හැමෝම දඟර දදා නටනව..සෙනග වැඩි හින්ද මට රතු ශර්ට් කාරය එකපාරටම මිස් වුණා..ශිට්..අයාලුත් නෑ ඒ පාර..මං නටන මිනිස්සු අස්සෙ හෙව්වෙ රතු ශර්ට්කාරයව....දෙයියනේ ඌ නෑ...මං  සෙනඟ අතරින් ඉක්මනට භානු ලගට එද්දි භානුට ටිකක් වැඩිවෙලා..කොල්ලො ටිකක් එක්ක නටනව.  ඒත් රතු ශර්ට්කාරය කොහෙද ගියෙ..මං භානු ලග ඉදන් නට විදියට වටපිට බැලුව ශේප් එකේ...භානු මගෙ ඇඟේ හැප්පි හැප්පි  නටනව..ඒත් එයා තාම මාව දැක්කෙ නෑ..

අප්පාහ්.. හොල් එකේ කෙලවරක..අයාල් රතු ශර්ට්කාරයට පිටිපස්සෙ ..රතු ශර්ට්කාරය භානු දිහා බලද්දිම මං භානුගෙ අතින් අල්ලගෙන ශේප් එකේ පැත්තකට ගියෙ රතු ශර්ට්කාරයගෙ ඇස්වලින් ගැලවෙන්න..ශිට්..භානුට ටිකක් වැඩි වෙලා..ඌ මගෙ කරට අත දාගෙන නටනව..මං හරි අමාරැවෙන් ඌව වත්තන් කරගෙන රබර් ඇහැ දාගෙන හිටියෙ අයාල්ටයි ..රතු ශර්ට්කාරයටයි..

යදම්Where stories live. Discover now