යදම් - 53

1.2K 189 17
                                    

අපි අකමැතිම දවස ටික ටික ලං වෙනව..භානු ගෙදර එන්නෙ ම නැති තරම්..ඒත් මාම, අපේ තාත්ත අනික් අය හැමෝම වෙඩින් එකට බැහලම වැඩ..එතන අපි දෙන්න ගැන දුක් වෙන දෙන්නෙකුට ඉන්නෙ අක්කයි රවීන් අයියයි විතරයි.ඒත් ඒ දෙන්නට වෙඩින එකේ වැඩ මඟ අරින්න බෑ.

  "අනේ සුදු පුතේ ..අපේ ලමයට කියන්න මේ දවස් පහ වත් නිවාඩු දාන්න කියල."

    නැන්ද මට පිණ්සෙන්ඩු වුණේ මං ගෙදර ගිය වෙලාවෙ.වෙඩින් එකට තව දවස් පහයි...භානු ගෙදර එනව කියල තියෙන්නෙ වෙඩින් එක දවසට..ඌ ඒ වචනෙ වෙනස් කරන්නෙ නෑ..මට ඒක අමාරැවෙන් හරි එයාට කියන්න පුලුවන් වුණත් එයා දැන් මංවත් කියන දේ අහන මට්ටමක නෙමේ ඉන්නෙ..අනික මේ තරම් අමාරැවෙන් හිත හදා ගන්න හදද්දි ගෙදර මිනිස්සුත් භානුට කතා කරන්න කියල මටම බල කරන එක තවත් අමාරැ දෙයක්.

    "ඔව් පුතා....ඔයා කියන දේ අහනවනෙ..හිච්චිට එන්න කියන්න .පේනවනෙ.. නැත්තම් මාමටත් හොදටම තරහ යයි..මට තේරෙන්නෙ නෑ මෙතන මොනවයින් මොනව වෙයිද කියල."

   අම්මත් නැන්දට එකතු වෙලා ..මට හිතට නිදහසක් නෑ කනට නිදහසකුත් නෑ..

   "එයා මං කියන දේ අහන්නෙ නෑ අම්මා..වෙඩින් එකට එනව කිව්වනෙ..එයි ඉතින් එදාට "

    මං ටිකක් ආවේගෙන් කිව්වෙ මාත් මේ දවස්වල ලොකු පීඩනයකින් ඉන්න හින්ද..ඒත් එයාලට තේරෙන්නෙ නෑනෙ මගෙ හිත..

   "අනේ පුතේ ..ඔයා කතා කරල කියන්නකො..එහෙම කිව්වොත් එනව අනිවාර්යයෙන්ම..ඉස්සර ඉදන් ම එයා ඔයාගෙ කීමට පිටින් ගිහින් නෑනෙ"

"ඒත් අම්මා එයා දැන් මං කියන දේ අහන්නෙ නෑ..මට කරන්න දෙයක් නෑ. හැමෝම  කරන්නෙ එයාව අකමැති කෙනෙක් ට බන්දල දෙන්න යන එකනෙ ..ඔයාල හිතන්නෙ ඔයාලගෙ නිදහස, නම්බුව , සතුට ගැන විතරයි...අපි ගැන හිතන්නෙ නෑනෙ."

   මං ආයෙත් හයියෙන්ම කියල දැම්ම...අහ්.. අන්තිම වාක්‍ය මට කියවුණේ ඉබේම..මං එකපාරටම නැන්දගෙයි අම්මගෙයි මූණු දිහා බැලුවෙ ඒක මීටර් ද කියල බලාගන්න...හොද වෙලාවට නෑ...කොහොමත් එයාල අපි ගැන දන්නෙ නෑනෙ..තාත්ත හිටියනම් තමයි කේස් එක..

යදම්Where stories live. Discover now