යදම් - 38

1.6K 204 16
                                    

    ඇටෙන්ඩන් කෙනෙක් ශේෂව එක්ක ආවෙ රෝද පුටුවකින්..හරියට කකුල කැඩිල වගේ...ඩොක්ටත් අපි ලගට ආවෙ සුහද හිනාවක් දාගෙන..හරියට ශේෂගෙ භාරකාරය වගේ..

"දණහිස ලගින් අස්ථිය පුපුරලලු.."

    ශේෂා කිව්වෙ භානුයි මායි ලගට ඇවිත්..ඒ වාක්‍යයෙන් හේෂා ගෙ බලාපොරොත්තුව හරියට අපි එයා ගැන සැලකිල්ල වැඩි කරයි කියල වගේ..ඒත් මට ඕන වුණේ මේක ඉවරයක් කරල යන්න..

  "අහ්..එහෙමද?..මොකද ඩොක්ටර් දැන් කරන්නෙ?"

  මං ඇහුවෙ ඩොක්ටර් දිහා බලල..

   "ම්..POP එකක් (ගල් බැන්ඩේජ් එකක්) දාන්නත් බෑ මේකට ..ටික දවසක් bed rest කරන්න නම් වෙනව "

  "ඒත් නිරාශ් මට යුනිට් එකට යන්නම වෙනව..ලොකුවට රිදෙන්නෙ නැති හින්ද අඩිය තිබ්බට කමක් නැද්ද? අනික පුපුරල විතරනෙ ..කැඩිල වෙන් වෙලා නෑනෙ"

    ශේෂා ඩොක්ටර් ගෙන් අහද්දි මට හිතුණෙ ශේෂා වැඩට යන්නෙ නැතුව ගෙදර හිටියනම් ටික දවසක් හරි සැනසීමෙන් ඉන්න පුලුවන් කියල..ඒත් ශේෂා කියන්නෙ හිත හයිය ගෑණියෙක්..කකුල කැඩිල වෙන් වෙලා ගියත් වැඩට නම් එයි.

  "ම්...ටික දවසක් හරි bed rest කරනව නම් හොදයි ශේෂා..නැත්තම් රිදෙන එක ඉදිමෙන එක එන්න පුළුවන්. කොහොමත් මේ දෙන්න ඉන්නවනෙ දැනට යන්න..ඒක නෙමෙයි... දැන් ඉතින් ආරක්ෂකයෙක් හොයා ගන්න වෙයි..මොකද ASP වුණා කියල ආරක්ෂාව දෙන්නෙ රටටනෙ..තමන්ටත් වෙනම කොනෙක් ඉන්න එපැයි."

    ඩොක්ටර් අමුතු විදියට කියද්දි ශේෂා හිනාවුණේ මට දිහා බලන්..මං එකපාරටම බැලුවෙ භානු දිහා..එයා ඩොක්ටර් දිහා බලන් හිටියෙ කන්න වගේ..ශිට් ..මේ මනුස්සයටත් කට තියන් ඉන්න බෑ..ශුවර් එකටම ශේෂා මං ගැන මොනව හරි කියන්න ඇති..මට හිතුණෙම ශේෂව හොස්පිටල් එකේ දාල යන්න..ඒත් මේ වගේ තැනකදි අපිට ඕන ඕන විදියට වැඩ කරන්න බෑ..

   මං එතනින් ටිකක් ඈතට ආවෙ කාට හරි කෝල් එකක් ගන්න විදියට රඟපාල..මට තවත් එතන ඉන්න හිතුණෙ නෑ....භානු ත් මං පස්සෙන් ඇවිත්..ශේෂයි ඩොක්ටයි ආයෙත් දිගට කතාව..

"සුද්දා...අපි යමු"

   භානු කිව්වෙ හිතුවක්කාර විදියට..මං දන්නව දැන් ඒ හිතේ වැඩ කරන ඔක්කොම.මං මොකුත් නොකිය ඉවසීමෙන් බලන් හිටියෙ වැඩ ටික ඉවර වෙනකම්..

යදම්Donde viven las historias. Descúbrelo ahora