යදම් - 13

1.3K 201 9
                                    

     පහුවදා උදේ හෝටලේ මියගිය ධීමන්තගෙ පෝස්ට් මෝටම් රිපෝට් එක ඇවිත්.මරණයට හේතුව අධික රුධිර වහනය.....රිපෝට් එකේ විදියට මේක මිනීමැරුමක්.

     අධිකරණ වෛද්‍යවරයාගෙ සාක්ෂිය අනුව දකුණු අතේ ප්‍රධාන රුධිර නාලයෙන් අධිකව රැධිරය වහනය වීම නිසා හෘදයේ ක්‍රියාකාරීත්වය නැවතිලා.ලේ අයින් කරල තියෙන්නෙ සිරින්ජ් එකකින් කියන එක තමයි අනුමාන කරල තිබුණ..ඒ එක්කම අපි සිරින්ජ් කොපුව අධිකරණයට ඉදිරිපත් කිරීම නිසා ඒ අනුමානය සියයට අනූනමයක්ම සනාථ වුණා.ඒ වගේම තවත් වැදගත් පොයින්ට් එකක් වුණේ මිය ගිය ධීමන්තට මරණයට පැයකට විතර කලින් නිදිපෙති දීල තියනව කියල පරීක්‍ෂණවලින් හොයාගෙන තියන එක..

      ඒත් තනූජා ගෙ පාපොච්චාරණය වුණේ ඒ කිසිම දෙයක් තමන් දන්නෙ නැති බව.ඒ හින්දම නඩුව දවසින් දවස කල් ගියා.අපිට සැකකාරයෙක්, වැරදිකාරයෙක් කරන්න තරම් සාක්ෂි ඉදිරිපත් කරන්න බැරි වුණාම ඔහු / ඇය වරදින් නිදහස් වෙනව.......  .ඒත් තනූජා ශ්‍යාමලී සැකකාරිය හිටියෙ තාමත්  රක්ෂිත බන්ධනාගාර ගත කරල.

"හේෂ් , මේක වෙන්න බෑ.මෙච්චර දවසක් තියාගෙන , මෙච්චර තග දාල අහලත් මේ ගෑනි බොරැ කියන්නෙ නෑ"

    අයාල් කිව්වෙ සැක මුසු බැල්මක් එක්ක මං දිහා බලල...

    "හ්ම්.මටත් ඒ ගැන සැකයි..එහෙම වුණොත් අපිට කේස් එකේ direction එක වෙනස් කරන්න වෙනව .ඒත් කොහොමද වෙන පැත්තකට හැරෙන්නෙ මොකුත්ම සාක්ෂියක් නැතුව?.අනික මැරුණ මනුස්සයගෙ ගෙදර අයටත් කිසිම සැකකාරයෙක් නෑ....ඒත් මේ කේස් එක ලේසියෙන් වහන්න පුලුවන් එකක් නෙමේ"

   "ඔව් ...ඒත් උබ හිතනවද තනුජ වගේ ඒ තරම් ඉගෙන ගත්තෙ නැති ඔහේ ඉන්න කෙල්ලෙක් අතේ රුධිර නාලයක් හරියට හොයාගෙන ලේ අයින් කරයි කියල?. නිදි පෙති නම් දෙන්න පුලුවන් කියමු...ඒත් මේක?"

  "හ්ම්..ඒකෙත් ඇත්තක් තියනව..අපිට කොහොමත් හරි සාක්ෂියක් නැතුව තනුජා නිදහස් කරන්න බෑ."

"ඔව් ..ඒත් ඒකි නිර්දෝෂයි නම්?".

  " අම්මෝහ්..එහෙම හිතෙද්දි නම් අපිටත් පව් පලදෙයි කියල හිතෙනව..තව ටිකක් ඔහොම ඇදගෙන යමු.දිගටම තනුජා ඔය විදියට නම් සාක්ෂි දෙන්නෙ එයාව කොහොමත් නිදහස් වෙනව..නොවිසදුණ ෆයිල් ගොඩට තව එකක් එකතු වෙනව".

යදම්Donde viven las historias. Descúbrelo ahora