We've updated our Content Guidelines.
Review the latest guidelines to keep sharing stories safely.

යදම් - 62

4.8K 423 21
                                        

     "මට ඕ.අයි සී මහත්තය හම්බවෙන්න පුලුවන්ද..?"

    ගෑණු කෙනෙක් එලියෙ හයියෙන් අඩාගෙන එන සද්දෙකට මං කර කර හිටපු වැඩේ ටිකකට නැවතුණා..එලියෙ PC කෙනෙක් එක්ක කරන සංවාදෙ පැත්තට මගෙ අවධානෙ යොමු වුණේ මොහොතකට..

   "එහෙම සර් හම්බවෙන්න බෑ.අපිට කාරණේ කියන්න බැරි නම් යනව යවන්න.."

"අනේ සර්..මට ඕ අයි සී මහත්තය හම්බවෙන්න ඕනෙ"

"එකපාරක් කිව්වම අහනව..හැමදාම අඩාගෙන ඇවිත් කිසිම තේරැමක් නැති දේවල් , බොරැ කියල , බොරැ පැමිණිලි දාල අපේ  කාලෙත් නාස්ති කරල යනව.."

"අනේ සර්..මේක මට කියන්නම ඕන.."

"යනව ඕයි අපේ කාලෙ කන්නෙ නැතුව..අපිට කියන්න බැරි නම්...."

"PC හේරත් "

    මං හයියෙන් කතා කරේ එලියෙ ගැහැණු කෙනා එක්ක කතා කර කර හිටපු PC ට ..මිනිහ මං ඉන්න තැනට දුවගෙන ආවෙ තත්පරේට....

"සර්?"

"මොකක්ද ඔය එලියෙ ඇහෙන සද්දෙ?"

"අනේ සර් පිස්සු ගෑණු කෙනෙක් ..හැමදාම ඔහොම කෑ ගහගෙන ඇවිත් බොරැ පැමිණිලි කරල යනව ..ඉස්සර හිටපු සර් නම් දන්නව..ඒ හින්ද ආපහු හරවල යවනව"

"දැන් එතකොට කවුද මෙතන ඉන්චාජ්?"

    මං ටිකක් තදින් අහද්දි මිනිහට ඉබේම සැලියුට් ගැස්සවුණා..අහ්..කිසිම වගකීමක් නැතිව හැසිරෙන ඔෆිසර්ස්ලට තමයි මම අකමැතිම..අලුත් අය නම් කමක් නෑ..ඒත් මේ මැදි වයසත් ඉක්මවපු අය....මොනව වුණත් ටිකක් ඉවසීමෙන් කතා කරේ තාම මං මෙතෙන්ට තාම අලුත් හින්ද..අනික මේ හැම කෙනෙක්ම වෙන වෙනම ස්ටඩි කරන්න ඕනෙ..

"එයාට එන්න කියන්න"

  "සර් ඒ ගෑනු කෙනාට පිස්සු..ලමෙකුත් වඩාගෙන ඇවිත් ඉන්නෙ..බොරැ කි.."

    මිනිහගෙ කතාව එකපාරටම නැවතුණේ මං තරහෙන් බලන් ඉද්දි..ඒ හැසිරීමෙන් ම මට තේරැම් ගන්න පුලුවන් කලින් තිබිල තියෙන්නෙ මොන වගේ පාලනයක් ද කියල..

"  මෙතන ඕ අයි සී තමුන්ද? මමද?"

   මං ආපු තරහත් එක්කම හයියෙන් කියද්දිම මිනිහ ගැස්සුණා...

යදම්Stories to obsess over. Discover now