We've updated our Content Guidelines.
Review the latest guidelines to keep sharing stories safely.

යදම් - 43

5.3K 457 21
                                        

"දෙයියනේ....සුද්ද ...මේක.අයිස් පැකැට් එකක්"

   භානු කියද්දි මගෙ ඇඟම  පණ නැතුව ගියා.ඒත් වෙනසක් පෙන්නන්නෙ නැතුව කතා කරේ භානු බය වුණොත් අවුල් යන හින්ද

"හරි...කමක් නෑ....බය වෙන්න එපා...ඉක්මනට වාහනේ ගන්න .."

   මං පෝන් එකෙන් කිව්වෙ රතු පාට ඉවර වෙලා කොල වැටෙද්දිම..ඒ ටිකට වාහන භානුගෙ වාහනේට හෝන් ගහනව..භානු වාහනේ අරන් කලර් ලයිට් පාස් කරා.

    "ඔහොම ම කලර් ලයිට් පාස් කරල වාහනේ පාර අයිනට කරල ඔය පැකැට් එක ශේප් එකේ බිමට දාන්න..එතන කැමරා නෑ..ඉක්මන් කරන්න..පෝන් එක කට් කරන්න එපා"

    මං ටිකක් ඉස්සරහට ඇවිත් පාර අයිනෙ බයික් එක නවත්තල භානුට කෑ ගැහුවෙ හිඟන මිනිහ පාර පනින දිහා බලාගෙන ම..ඒක මිස් වුණොත් ඉවරයි..

"විසි කරාද ?"

"ආ...හරි"

"දැන් යන ගමන් කාරෙක සර්ච් කරන්න පොලිසිය නැවැත්තුවොත් මොකුත් නොකිය දෙන්න...සැකයක් හිතෙන විදියට බැල්මක්වත් දාන්න එපා..මං තියනව..  මගෙ මැණික පරිස්සමට යන්න "

   මං පෝන් එක කට් කරපු ගමන් හිගන මනුස්සයව ෆලෝ කරේ මිනිහට නොදැනෙන්න..මේ වගේ උන් ඉන්නව කියන්නෙ තව මේ ලග මිනිහගෙ ගැන්සියෙ උන් ඉන්න පුළුවන්..ඒ හින්ද මිනිහව තනියම ඇරෙස්ට් කරන එක ඒ තරම් සාර්ථක නෑ..අනික මේ සිද්ධියෙ මුල හොයාගන්නත් බෑ එහෙම කරොත්.

    මිනිහ ගියෙ අතුරැ පාරක..මට බයික් එක හෙමින් ගෙනියන්න අමාරැයි... මිනිහ අඩියට දෙකට යන හින්ද ලොකු අවුලක් නෑ....පාර දෙපැත්තෙ එකලග ගෙවල් තිබ්බට ..මිනිහ එකපාරටම පාර අයිනෙ නැවතිලා වටපිට බැලුවෙ හරියට හොර වැඩක් කරන්න වගේ..පේන මානෙ හිටියෙ මං විතරයි .මං හෙමින් හෙමින් සැක නොහිතෙන විදියට මිනිහව පහු කරේ සයිඩ් කණ්ණාඩියෙන් බලාගෙන..මං පහු කරද්දිම මිනිහ පාරෙ දකුණු පැත්තට සිග්නල් එකක් දුන්න..ඒ එක්කම ආපු වෑන් එකට මිනිහ නැගල ඒ වෑන් එක දැන් එන්නෙ මගෙ පස්සෙන්..ඒත් උන්ට මාව සැක හිතන්න දෙයක් නෑ..මං ශේප් එකේ වෑන් එකට ඉස්සර කරන්න දීල ෆලෝ කරා..

   වෑන් එක නැවතුණේ ගෙයක් ඉස්සරහ..මං ආයෙම වාහනේ පහු කරද්දි ගොඩක් ස්ලෝ කරගෙන ඉස්සරහට ආවෙ සයිඩ් කණ්ණාඩිය බලාගෙන..හතරදෙනෙක් බැහැල ගේ ඇතුලට ගියා..මං එහෙමම බයික් එක අතුරැ පාරකින් ප්‍රධාන පාරට දාල ආව..

යදම්Stories to obsess over. Discover now