යදම් - 8

1.7K 225 8
                                    

      මං යන්තමට ඇස් ඇරියෙ නුහුරට ඉන්නව වගේ දැනුණු හින්ද.ආ...හ් බෙල්ලත් රිදෙනව....හුටා..භානුගෙ අත උඩ මට නින්ද ගිහින්.මං ඉක්මනට බැලුවෙ භානු දිහා.ඌට ඇහැරිල.මං දිහා බලාගෙන මොකද්ද වුණේ කියල හිතාගන්න බැරුව වගේ.

  "සුද්ද, උබ කොහොමද මෙතන?..මං රෑ පිස්සු නැටුවද?"

    භානු මං දිහා බලන් ඇහුවෙ නලලත් රැලි කරගෙන.
 
    "හ්ම්..පිස්සුවක් නටන්න තමා ගියෙ..ඒත් නූලෙන් බේරුණා."

"ඒ මොකක්ද ?"

     භානු එකපාරටම ඇදේ එරමිණිය ගොතාගෙන ඉදගත්තෙ මං දිහා ඇස් දෙකත් ලොකු කරල බලන්.

  " ඉස්සර වෙලා නාල පිරිසිදු වෙලා ඇඳුමක් ඇදගෙන ඉදපන්..ඕක විතරක් ඇදන් ඉන්නෙ පොඩි එකෙක් වගේ."

     "නෑ..මට දැනගන්න ඕනෙ...මට අමායත් නැතිවුණා..ඒකිට මාව මදි වුණා.තව එකෙක් එක්ක මට හොරෙන් පැටලිලා මාව රැවැට්ටුව..පෙරේත ගෑනි."

    භානු කියවද්දි මං බැලුවෙ උගෙ ඇස් දිහා..ඒ ඇස්වල තිබ්බෙ තරහට වඩා ලැජ්ජාවක් වගේ....

  "උබ කරපු දේවල් තමා උබට ඔය පල දෙන්නෙ..අහල තියනවනෙ..කල කම් පල දේ..කෙල්ලන්ට බූට් තියල උබට බූට් හම්බෙද්දි ඒව අවුල්...නිකමට හිතපන් උබ හින්ද බූට් කාපු කෙල්ලො කීයක් ඔය තත්වෙට මූණ දෙන්න ඇත්ද?"

    "ඔය ඉතින්..උබවත් මගෙ හිත හදන්නෙ නෑ...දෙයියනේ...මං කාටද මේව කියන්නෙ.?.උඩ ඉන්න දෙයියොවත් මාව බලන් ඉන්නව නම්..."

     භානු අත් දෙක උඩට කරන්න හැදුවත් එකපාරටම ආයෙත් කෑ ගහගෙන දකුණු අත වම් අතින් අල්ලගත්තෙ මාවත් බය කරගෙන...

"ආ....හ්"

"මොකද ?"

"මගෙ අත හිරිවැටිල"

"ඒ මොකද.?"

     මං අහද්දි භානු කෑ ගැහිල්ල පැත්තක තියල එකපාරටම මගෙ මූණට එබුණෙ කින්ඩි හිනාවක් දාගෙන...ඒ එක්කම මං ටිකක් ඈත් වුණේ ඉබේම වාගෙ..

     "ඇයි කියල අහන්නෙ දන්නෙ නෑ වගේ.?.උබ මගෙ අත උඩ නිදාගෙන..දැන් අත පණ නැති වෙලා..හම්මෝ හනිමූන් පල්සි (honeymoon palsy)..ආ...හ් "

     "මොනවද කියවන්නෙ කට වහගෙන ඉදපන්.?..ඕන දේත් කියවනව එපා දේත් කියවනව..උබ දන්නවද honeymoon palsy කියන්නෙ මොකක්ද කියල?"

යදම්Where stories live. Discover now