We've updated our Content Guidelines.
Review the latest guidelines to keep sharing stories safely.

යදම් - 29

5.9K 507 27
                                        

      ඊයෙ වගේම අදත් උදේ මං බෝඩිමට නොයා කෙලින්ම ගියෙ පොලිසියට...හවස වැඩ ඉවර වෙලා හංසි එක්ක හොටෙල් එකක් බුක් කරන්න ගියෙ වෙඩිමට තියෙන්නෙ තව මාසෙකටත් අඩු කාලයක් හින්ද ..හොටෙල් බුක් කරල සැලුන් බලල ඉවර වෙනකොට රෑ අටටත් කිට්ටුයි..ඒත් මට බෝඩිමට යන්න හිත දෙන්නෙ නෑ..මං හංසිව බෝඩිමට දාල ඇවිත් අපේ බෝඩිම ට කිට්ටුවෙන් බයික් එක නතර කරල ටික වෙලාවක් හිටියෙ යන්න හිත දුන්නෙ නැති හින්දම....ගිහින් භානු එක්ක ඉස්සර වගේ සාමාන්‍ය විදියට ඉන්න කොහොමද..

     රෑ දහයට විතර..මං හිටියෙ ලයිට් කණුවක් යට..මේ වෙලාවට පාරෙ එහෙ මෙහ යන්නෙ ගොඩක් වෙලාවට බීපු මිනිස්සු..සමහරැ ගැන්සි ගැහිල කියවනව...මං ඉස්සරහ පාරෙන් අනිත් පැත්තෙ තිබ්බෙ කොත්තු කඩයක්..ටක ටක ගාල කොත්තු ගහන සද්දෙ අහගෙන මං ඒ දිහා බලන් හිටියෙ මොකුත්ම හිතට ගන්නෙ නැතුව..
  
     එක අතකට මං මෙතන හිටිය කියල එලි වෙනකම් ඉන්නද...ගෙදර යනව කියල හැමදාම ගෙදර යන්න කියලද..භානුව මඟ අරිනව කියල සදාකාලිකව මඟ අරින්න ද......තරහවෙලාවත් ඈත් වෙලා ඉන්න බැරිකොට එහෙම ඉන්නෙ කොහොමද......මේව මට කරන්න පුළුවන් දේවල් නෙමේ..මං බැන්ඳම භානුත් කාව හරි බඳියි..මං බයික් එක බෝඩිම පැත්තට හැරෙව්වෙ හිතින් හැමදේම සාධාරණීකරණය කර කර එන දේකට මූණ දෙන්න හිත හදාගෙන.

     බයික් එක බෝඩිමේ එලියෙන් නවත්තල දොර හෙමීට ඇරියෙ භානුට නිදි නම් ඇහැරෙන්නෙ නැති වෙන්න..මට එයාව දකින්න බෑ වගේ .....භානු දොර වහල නෑ ..ඒ කියන්නෙ මං එනව කියල බලාපොරොත්තුවෙන් ඉන්න ඇති..

"සුද්දා...මොකද බන් වුණේ..?"

     අහ්..මං සද්දයක් ඇහෙන්නෙ නැති වෙන්න අඩි තිය තියා කාමරේට යන්න යද්දි භානු පිටිපස්සෙ.

"ම් මොකුත් නෑ.."

"හෝ...ව් ..ඔහොම ඉදපන්..උබට උණද?"

    භානු එකපාරටම මං ඉස්සරහට ඇවිත් නලලෙන් අත තියද්දිම මං වේගෙන් උගෙ අත අයින් කරේ හිතලම නෙමේ ඉබේම වගේ ..භානුගෙ මූණ වෙනස් වුණා ඒ තත්පර ගාණට...ඒත් මට ඕන වුණේ වෙනසක් නොපෙනෙන්න.

"දැන් අවුලක් නෑ බන්..වොෂ් එකක් දාගෙන එන්නම් "

    මං ඉක්මනට කාමරේට ආවෙ භානුව මඟ අරින්න.ඒත් එක හිතකින් මට ඒක කරන්න බෑ.භානු සද්ද නැතුව කාමරේට ගියා..මට හිතෙනව මගෙ වෙනස තේරෙනවද කියලත්....

යදම්Stories to obsess over. Discover now