යදම් - 30

1.5K 211 23
                                    

   දණහිසට පහලින් කකුල රිදෙනව ගොඩක්. ...අයාල් එහෙමම මාව එක්කගෙන ආවෙ ප්‍රයිවට් හොස්පිටල් එකකට..රෑ එකට විතර ඇති ..අයාල් රජයේ රෝහලකට යන්න හැදුවත් ප්‍රයිවට් එකකට ආවෙ මගෙ බල කිරීමට..මට හිතුණෙ කකුල බිමට වැදිල වැටුණු පාරට දැනෙන සාමාන්‍ය වේදනාව වෙන්න ඇති මේ දැනෙන්නෙ කියල..ඒත් ඩොක්ටර් මාව බලල X Ray  පරීක්ෂණයක් කරාම තරැ පෙනුණ...ඒකෙ විදියට වම් කකුලෙ එක අස්ථියක් කැඩිල..ශිට්...දැන් එතකොට ඇවිදින්න වෙන්නෙ නෑ කාලයක් යනකම්..ඒත් මොනව කරන්නද..

     රෑ හින්ද හංසිට කෝල් එකක් නොගෙන භානුට ගත්ත..පැය භාගයක් යද්දි භානු හොස්පිටල් එකේ..අයාලුත් හිටියෙ මගෙ ඇද ලඟ හිටගෙන..ඩොක්ටර් අයාල් එකක කතාව..

"මොකද වුණේ සුද්දා?"

    භානු දුවගෙන ඇවිත් ඇහුවෙ හති දදා..බයවෙලා වගේ ගොඩක්.

"ලොකු දෙයක් නෙමේ..කකුල් පොඩ්ඩක් කැඩිල"

".කැඩිල?...අනේ බොරැ නේද සුද්දා?"

    භානු මගෙ උරහිසින් අත තියාගෙන ජිල්බෝල කරගත්තු ඇස්වලින් මූණට එබිල අහද්දි මං බලාගෙන හිටියෙ ඒ මූණ දිහා....හොදටම කලබල වෙලා..මට තරම්වත් නැති කලබලයක්..භානු හැමදාම එහෙම තමයි..අපි දෙන්නටම එකපාර කරදරයක් වුණත් භානු හිතන්නෙ ඌ ගැන නෙමේ මං ගැන..ඒත් මේ ආදරේ යාලුකමවත් සහෝදරකමවත් නෙමේ..

    භානු මගෙන් උත්තරයක් නැතිකොට එකපාරටම හැරැණෙ අයාලුයි ඩොක්ටයි පැත්තට..ඒ දෙන්නත් බලන් හිටියෙ භානුගෙ කලබල හැසිරීම.

  "එක්ස්කියුස්මී ඩොක්ටර්...මෙයාගෙ x Ray findings මොනවද?...fracture ( කැඩිල) වෙලාද? ..මොන bone එකද ඩොක්ට?..ඒක ගොඩක් අමාරැද?"

   භානු කලබලයෙන් අහද්දි ඩොක්ටර් උත්තර දුන්නෙ හරි සන්සුන් විදියට.. මං හිතුවෙ ඩොක්ට මූට බනියි කියල..නෑ... ඩොක්ට භානු දිහා බැලුවෙ යන්තම් හිනාවක් දාල..

  "මේකයි මිස්ටර් ..වම් කකුලෙ අස්ථියක් කැඩිල තියෙන්නෙ..ලොකු bone එක ඩැමේජ් වෙලා නෑ..මේක ලොකු කේස් එකක් නෑ..ඒත් ටික කාලයක් bed rest කරන්න නම් වෙනව  . rehabilitation වලින් පස්සෙ සාමාන්‍ය විදියට වැඩ කරන්න පුළුවන්"

යදම්Where stories live. Discover now