යදම් - 7

1.6K 231 14
                                    


        ප්‍රභාත් කියපු විස්තර හැම එකක්ම සාක්ෂි එක්ක ගැලපෙද්දි අපි නඩු භාණ්ඩවිදියට යකඩ පොල්ල, රෙදි කෑල්ල වගේම කණ්ණාඩි කෑල්ලත් අධිකරණයට ඉදිරිපත් කරා.අධිකරණ වෛද්‍යවරයා පශ්චාත් මරණ පරීක්ෂණයට අනුව ශානකගේ මියයාම මිනීමැරුමක් කියන එක අධිකරණය ඉස්සරහ ඔප්පු කරද්දි හැම සාක්ෂිය ක්ම තිබුණෙ විත්තිකාරයට විරැද්ධව.

    ඒත් අපි හිතුවෙ ප්‍රභාත් අධිකරණය ඉස්සරහටත් වරද නොපිලිගනීවි කියල.මොකද සමහර සැකකාරයන් පොලිසියට එක දෙයකුත් අධිකරණය ඉස්සරහ ඒකට හාත්පසින්ම විරැද්ධ දෙයක් කියනව.ඒ වගේ දෙයක් වුණා නම් අපිට ආයෙ ආයෙ මේ සිද්ධියට සාක්ෂි හොයන්න  වෙනව.ඒත් ප්‍රභාත් ට විරැද්ධව තිබ්බ ඔක්කොම සාක්ෂි එක්ක අධිකරණය ඉස්සරහ වරද නොපිලිගෙන ඉන්න බැරිවුණා..වැරදිකරු බවට ඔප්පු වුණ හින්ද  මරණ දඬුවම නියම වුණත් එය ක්‍රියාත්මක වෙන්නෙ නැති හින්ද ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වුණා.

මේ වගේ වරදක් කරපු හැම මනුස්සයෙක්ම පිටතින් මොනතරම් ශක්තිමත්ව ඉන්නව කියල පෙනුණත් හිතින් දස දහස් වතාවක් විදවනව අනිවාර්යයෙන්ම...සාක්ෂි දෙන මොහොතේ තියා විනිශ්චය දෙන මොහොතත් වෙනකම්ම ප්‍රභාත් ලොකු පෞරුෂත්වයකින් හිටියත් මහ උළු ගෙට යන මොහොතෙ මිනිහගෙ පෞරුෂත්වය බිංදුවට ම වැටුණ..ඒ වෙලාවෙ මිනිහගෙ පැත්තට හිටියෙ මිනිහ විතරයි..අඩුම තරමෙ වයිෆ් වත් අහලකට ආවෙ නෑ  ..

   "අනේ සර්...අනේ..මට බෑ...මට බෑ යන්න..මං හිතල නෙමේ කරේ..මං කොහොමද මේ ජීවිතේ ගෙවන්නෙ?..මට පිස්සු හැදෙයි..දෙයියනේ .."

    ඒ වචන ප්‍රභාත්ට විතරක් නෙමේ..අපරාධ යක් කරල සිරගත වෙන හැම.මනුස්සයෙක්ට ම පොදු යි..

      හැමෝටම තමන්ගෙ වරද තේරෙන මොහොත එද්දි පෙරහැර ගොඩක් දුර ගිහින්..කියපු ,කරපු දේවල් ආපහු ගන්න බෑ කවදාවත්ම.

     හිතට දැනුණෙ ලොකු නිදහසක්.කේස් එකක් අවසන් කරාම ඒ දැනෙන නිදහස හරියට ඔලුවෙ තිබුණ ලොකු බරක් බිමින් තිබ්බ වගේ.......ඒත් අපරාධ නම් කවදා ඉවර වෙයිද..ආයෙ හෙටත් මේ වගේ හිසරදයක් පටන් ගනී...

     "හේෂාන්, මේ ෆයිල් ඔක්කොම තාමත් සාක්ෂි හොයාගන්න බැරිවුණ කේස්..මං හිතන්නෙ ගිය අවුරුද්දෙ ඉදලම වුණ පුද්ගල අතුරුදන්වීම්.මේව සාක්ෂි නැති හින්දම වැරදිකාරයන් අල්ලගන්න බැරුව යට ගැහුණු ෆයිල්. මට හිතෙන්නෙ හේෂාන්, අයාල් එක්ක මේව පොඩ්ඩක් ස්ටඩි කරොත් හොදයි කියල"

යදම්Where stories live. Discover now