We've updated our Content Guidelines.
Review the latest guidelines to keep sharing stories safely.

යදම් - 20

6K 556 61
                                        

යදම් - 20

    තව ටිකක් වෙලා ඉදල හංසිගෙ අවුල් වුණ හිත පොඩ්ඩක් ශේප් කරල මං බෝඩිමට ආවෙ හිත ලොකු අවුලකින් වැහෙද්දි.....භානු අවුරැදු ගාණක් හිතේ තියන් කරපු ආදරේ මං කොහොමද ගන්නෙ..හංසි කියන්නෙ ඇත්තටම ගොඩක් ලස්සන කෙල්ලක්.ඉස්කෝලෙ යන දවස්වල වුණත් චාටර් වුණේ නැති චරිතයක්..ඒත් භානුට පින නැද්ද..ශිට්..මුගෙවත් උනන්දුවක් නෑනෙ..නම්බර් එක දීල ශේප් එකේ කතාකරන්න කිව්වොත් දෙන්න ගොඩ යයිද..මට තේරෙන්නෙ නෑ මේක..

  "අද කලින්ද සුද්දා? ...මං blood එකක් දුන්න හරිද"

   භානු කිව්වෙ මං ගෙට ගොඩ වෙද්දිම..මට දැන් ඒව අහන්න උවමනාවක් නෑ.හිතේ වැඩ කරන්නෙ වෙන දෙයක් .

  ඒ එක්කම කෝල් එකක්....හංසි ගෙන් .

"හෙලෝ කියන්න හංසි."

"ඔයා පරිස්සමට ගියාද හේෂ්?"

"අහ් ඔව්..දැන් ආවෙ "

"හරි එහෙනම් තියන්නම් .බුදු සරණයි."

    හංසි පෝන් එක තිබ්බ..ඒ කටහඩේ මොකකදෝ බලාපොරොත්තුව ක් තියනව කියල මට දැනෙනව..මං කෙලින්ම ගියෙ භානුගෙ කාමරේට. භානු හිටියෙ ලැප් එකේ වැඩක් කරන ගමන්.

"භානු..?"

"මොකද?"

"උබ මේකට හරි උත්තරයක් දීපන් වැනෙන්න බෑ."

"මොකක්ද ඒ පාර?..මං අපරාධයක් කරල නෑ සර්"

  භානු කිව්වෙ අත් එකතු කරල වැදගෙන බොරැවට බය වෙලා වගේ ඇස් ලොකු කරන්..මට ඒව දැක්කම තවත් තරහ එනව..

    "විහිලු නෙමේ..සිරාවටම කියපන් හංසිට උබ ආදරේද? නැද්ද?"

  මං ඇහුවෙ ටිකක් සැරෙන් වගේ..

"ආ...ඕකද ?..දැන් ඕව වැඩක් නෑ"
 
     භානු මාව ගණන් නොගෙන ආයෙ වැඩේ කරන්න ගද්දි මට ආවෙ කියාගන්න බැරි තරහක්.

   "නෑ උබ මේකට අද උත්තර දෙන්නම ඕනෙ "

     මං කිව්වෙ ලඟට ගිහින් උගෙ උරහිසින් හයියෙන් අල්ලගෙන.

"මොකද බන් වෙලා තියෙන්නෙ?..ගුලි කෑවද?"

"නෑ..මට මොකුත් වෙලා නෑ.මට හරි උත්තරයක් දීපන්.උබ හංසි තාම සින්ගල් නම් යාලු වෙන්න කැමතිද? නැද්ද?"

යදම්Stories to obsess over. Discover now