යදම් - 23

1.3K 194 6
                                    

උදේ මං නැගිට්ටෙ හංසිගෙ ගුඩ් මෝනින් මැසේජ් එක ඇහෙද්දි.භානු තාම නිදි.මගෙ ඇඟට  උඩින් අතකුත් දාගෙන..මං භානු ගෙ අත හෙමීට අයින් කරල නැගිටල එලියට ගියෙ පෝන් එකත් අතට අරන්...මට වෙලාවකට හිතෙනව බඳින්නෙ නෑ කිය කියා හිටියට දැන්නම් ජීවිතේ අමුතු ප්ලෑන් නිර්මාණය වෙනව කියල....

    මට බෝඩිමෙන් එද්දි භානු හොදටම නිදි..දැන්නම් හිතට ගොඩක් නිදහස් වගේ..මට දැනෙන්නෙ මගෙ හිතේ තිබුණ පීඩනයෙන් සීයට අනූ නමයක් ම නැති වෙලා කියල...ඒ භානු ගෙ හිත නිදහස් කියල දැනෙන හින්ද..

    උදේ නවයට විතර පොලිසියට 119 පැමිණිල්ලක් ඇවිත්..ඒකත් අපේ යුනිට් එකට දීල....ගෙදර ඉන්න කොල්ල අම්මටයි තාත්තටයි ගහනව..බීල ඇවිත් රණ්ඩු කරනව කියල..ඒ වගේ ඒවට අපි යනව අඩුයි..ඒ වුණාට කේස් එක හැන්ඩ්ල් කරේ අපේ යුනිට් එකේ SI කෙනෙක් .

      මේ සමාජෙ පිරිහිල තියන තරම හිතාගන්න පුලුවන්...අවුරැදු විසිපහක විතර කොල්ලෙක් තමන්ගෙ දෙමව්පියන්ට ගහනව කියන්නෙ ඌ මනුස්සයෙක් වෙන්න බෑ..ඒ වගේ උන්ට බරපතල දඩුවම් දෙන්න ඕනෙ..තමන්ගෙ අතපය නොකඩ හදපු දෙමාපියන් ට සලකන විදියට...

     දවල්  වෙද්දි කොල්ලව අත්අඩංගුවට අරන් ගෙනත් තිබ්බෙ රණ්ඩු කරල තිබ්බ හින්ද විතරක් නෙමේ..හෙරොයින් ලග තියා ගත්ත වරදටත් එක්කම.

     දවස් දෙකකට පස්සෙ මං සතියක නිවාඩුවක් දැම්මෙ ගොඩ දවසකින් ගෙදර ගියෙ නැති හින්ද විතරක් නෙමේ....අක්කයි මස්සිනයි දෙන්නත් හෙට එනව..එයාල කැනඩාවල ඉන්න හින්ද මේ පාර එන්නෙ මාසයක් ගෙදර ඉන්න බලාගෙන. අනික අක්කල අම්මලත් හැමෝම කතා වෙලා ඉන්නෙ ට්‍රිප් එකක් යමු කියල..

    "භානු හෙට මං ගෙදර යනව..උබ මොකද කරන්නෙ?..ට්‍රිප් එක යනවනෙ?"

මං ඇහුවෙ රෑ කන ගමන්.

"ට්‍රිප් එක යන්නෙ කවද්ද ?"

"ම්..අක්කල අනිද්ද එනව...ඊට පස්සෙ දවසෙ යයි සමහර විට"

"එහෙනම් මං අනිද්ද උදේ ම එන්නම් ..ඔයා හෙට යන්න.."

"හ්ම්"

"අක්කලත් යනවද සුද්ද?"

"ඔව්.. එයාලත් යනව..මං හිතන්නෙ දවස් දෙක තුනක් යයි "

යදම්Kde žijí příběhy. Začni objevovat