යදම් - 27

6K 567 60
                                        

"එතකොට මේ අයාල්...ඔයා හේෂාන්..නෙහ්?"

    ශේෂා මැඩම් කිව්වෙ සුහද හිනාවක් දාල ....අපි දෙන්න හිටියෙ ශේෂා මැඩම්ගෙ ඔෆිස් එකේ.කහපාටට හුරැ වාත්තු කරා වගේ තිබුණ හමේ පාට යුනිෆෝම් එකට තියෙනවට වඩා දිලිසෙනව කියල මට හිතුණෙ..අපි හිතුවට වඩා මැඩම් හරි ෆ්රෙන්ඩ්ලි...

"ඔව් මැඩම්"

   අයාල් කිව්වෙ හිනාවක් දාල.මාත් යන්තමට හිනා වුණා..මොනව වුණත්  දැන් අපේ ලොක්කනෙ.

   ".මං මේ දවස්වල ඩිපාර්ට්මන්ට් එකේ ස්ටාෆ්  එක ස්ටඩි කරනව..වෙන වෙනම ඔයාලව අඳුරගන්න එක ලේසියි......එතකොට දෙන්නම තාම පවුල් බර කරට ගත්තෙ නැති අය වෙන්න ඇති?"

   මැඩම් කිව්වෙ අමුතු විදියට හිනාවෙලා.මං එකපාරටම බැලුවෙ අයාල් දිහා..ඌ ඉන්නව සිරිමත් වගේ.ශේෂා මැඩම්ගෙ දිලිසෙන ඇස් එක එල්ලේ තිබ්බෙ මගෙ දිහාට..මාත් යන්තමට හිනාවුණා මිසක් මොකුත් කියන්න ගියෙ නෑ.

     එදා හවස් වෙද්දි ටිකක් කලින් එන්න පුළුවන් වුණා.මායි භානුයි දැන් ඉඩ තිබුණ හැම වෙලාවකම ගෙදර යනව..අක්කල ඉන්න හින්ද..භානුට නම් සමහර වෙලාවට යන්න අමාරැයි.ඌ පැල් බැඳගෙන වැඩ...

   අපි දෙන්න එදත් ගෙදර ගියෙ රෑ වෙලා.අම්මල පොඩි නැන්දලගෙ ගෙදර හිටපු හින්ද මාත් භානු එක්ක එහෙ ගියා.

"සුදු පුතා..තාත්ත යෝජනාවක් ගෙනත්..."

    අම්ම එකපාරටම කිව්වෙ හැමෝම ඉන්න තැන...

"මොකක්ද තාත්තෙ ?"

"පුතා ..මේක අපි ටික එකතු වෙලා නිකම් කතා කරපු එකක්.ඔයා කැමති නම් කියන්න..අපි කැමතියි ඔයාගෙ එන්ගේජ්මන්ට් එක තව මාසයකින් විතර ගන්න..නැත්තම් වෙඩින් එක වුණත් කමක් නෑනෙ නේද?.අක්කලත් ඉන්නවනෙ.....අනික දැන් වයසත් යනව..වෙන ප්‍රශ්නෙකුත් නෑනෙ?"

     තාත්ත එකපාරටම කියද්දි මට උත්තරයක් නැති වුණේ ඒක මං මෙච්චර කලින් බලාපොරොත්තු නොවුණ දෙයක්  හින්ද..ඒත් ඒකට මගෙ හිත අකමැත්තක් ඇත්තෙත් නෑ..හංසි වුණත් උඩින්ම කැමති වෙයි.

"මොකද පුතා? ...ඔයා ට තව කල් ඕනනම් අපි නෙක්ස්ට් ඉයර් බලමු"

"නෑ තාත්තෙ ..මට ප්‍රශ්නයක් නෑ...ඒත් .හංසිගෙ ගෙදර අය මොනව කියයිද? .මං කියන්නෙ එයාල හිතයිද තාම කල් මදි කියල?"

යදම්Stories to obsess over. Discover now