යදම් - 9

1.6K 212 4
                                    

"හිච්චි පුතේ ..හවසට පන්සල පැත්තෙ යමුද ? මලක් පහනක්වත් පූජ කරල එන්න ..මට මේ සැරේ පෝයට ත් සිල්ගන්න යන්න බැරි වුණා.මේ දනිස් අමාරැව හින්ද ඉදගෙන ඉන්න බෑනෙ..දැන්නම් ගෙදරටම වෙලා ඉදල එපා වෙලා ."

    අත්තම්ම කිව්වෙ අපි හැමෝම දවල්ට කාල ඉවර වෙද්දි කෑම මේසෙ ඉදගෙනම. භානුලත් අපේ ගෙදර ඇවිත්..අත්තම්ම කොහොමත් කැමති අපි දෙන්න එක්ක ගමන් යන්න..විශේෂයෙන් භානු එක්ක.ඌ කියවන හින්ද බෝරින් නෑනෙ.

   "අයියෝ .....අත්තම්මෙ, පන්සල් යන්නෙ පෝයටනෙ...පෝයට යමු ."

භානු කිව්වෙ ගාණකට නොගෙන.

   "ඈ ලමයො ...පෝයට විතරද පන්සලේ මල් පූජ වෙන්නෙ?..කම්මැලි නැතුව අත්තම්ම එක්ක යන්න..අනික ඔයා පෝයටවත් පන්සල් යන්නෙ නෑනෙ.."

    නැන්ද ටිකක් සැරෙන් වගේ කියද්දි භානු නැගිටල සාලෙට ගියෙ කම්මැලිකමෙන් වගේ.පන්සලට කෙසේ වෙතත් පාර්ටි එකකට යමු කිව්වනම් උඩ පැනගෙන යයි...

  "ඔව් හිච්චි ..ඔය දෙන්න  එක්ක යන්නනෙ අම්ම කොහොමත් කැමති අපිට වඩා..ගිහින් එන්න..අනික ඔයාල හැමතිස්සෙම ඉන්නෙ වැඩවල හිර වෙලා.. මලක් පහනක් පූජ කරල ආවම හිතටත් සනීපයිනෙ"

  තාත්තත් ඒ කතාව අනුමත කරා වුණත් භානු සද්ද නැතුව හිටියෙ දෙගිඩියාවෙන් වගේ.

     "මං අත්තම්මව එක්ක යන්නම්...අපි යමු හවසට"

   මං කිව්වෙ අත්තම්මගෙ කරට අත දාගෙන සාලෙට එක්ක එන ගමන්.

"හෝ...ව් ඔහොම ඉදපන්..."

    භානු මං ලගට දුවගෙන ආවෙ ඇසිපිය ගහන වේගෙට.

   "නෑ නෑ මං එක්ක යන්නම්..උබ දැන් ඔය හදන්නෙ අත්තම්මගෙන් එක ගන්නනෙ "

   භානු කිව්වෙ මගෙ කනට ලංවෙලා.

    "නෑ..මං අත්තම්මට ගොඩක් ආදරෙයි උබට වඩා."

    "ඒ පාර දෙන්න ඒකටත් වලිද.?..හරි හරි උබල දෙන්නම යමු.පන්සල හොදට ඉඩ තියනව. හිච්චි ...උබටත් ඕනෙ සුදූ එක්ක මොනවට හරි පැටලෙන්න.නේහ්?"

    අත්තම්ම ඇහුවෙ හිනාවෙලා..එක අතකට මෙහෙම හිනාවෙලා සැහැල්ලුවෙන් ඉන්න අත්තම්ම කෙනෙක් ලබන්නන් පින තියෙන්න ඕනෙ..නැත්තම් ගොඩක් අත්තම්මල බැන ගත්ත ගමන්නෙ.

යදම්Where stories live. Discover now