යදම් - 31

1.7K 205 9
                                    

"මොකක්ද බන් ඒ වුණේ.."

   භානු ඇහුවෙ මගෙන් තරහෙන් වගේ. මං හංසිගෙ අතින් අල්ලද්දි එයත් මගෙ අත ගසා දැම්මෙ තරහෙන් පුපුර පුපුර..මං දන්නව දැන් මගෙ කන විතරක් නෙමේ පපුවත් පැලිල යන්න තරම් චෝදනා කරනව කියල..

  "හංසි ..මං කියනදේ අහන්න ඒක ඔයා හිතන විදියෙ දෙයක් නෑ එතන"

"මට හිතුණ..මට හිතුණ ජොබ් එක විතරක් ජීවිතේ කරගෙන නටද්දි ඔය වගේ මගුලක් ඇති කියල..පේනවනෙ භානු..ඔයත් දැක්කනෙ..ගෑනු නිකම් ඇවිත් කිස් කරනවද?..ආ.?.තමුසෙ ඔය ගෑනි එක්ක
සම්බන්ධ යක් තියන හින්දනෙ එහෙම වුණේ....මං හිතුවෙ මට ආදරේ කියල..දෙයියනේ..මං දැන්නෙ දන්නෙ මාව රැවැට්ටුව කියල"

     හංසි අඩ අඩා කියවනව...මං කියන දෙයක් අහන්නෙ ත් නෑ ..මට කතා කරන්න දෙන්නෙත් නෑ..එයාව සනසන්න භානුත් ට්‍රයි එක..ඒත් භානුටත් ඒක ලොකු ප්‍රශ්නයක් කියල මට දැනෙනව..මේ දෙන්නම මාව විශ්වාස කරන්නෙ නෑ වගේ..

" කලබල වෙන්න එපා හංසි ..අපි බලමු.හේෂ් එහෙම නෑ..ඔයා එයාව විශ්වාස කරන්න..මං දන්නව ..මෙතන වැරැද්ද ඒ ගෑනිගෙ වෙන්න ඇති."

    භානු ආයෙත් හංසිව සනසනව.මං ඇස්වලට උනන කදුලු නවත්තගත්තෙ ලොකු ආයාසයකින්.

  "පිස්සුද භානු?..එක එක ගෑනු හේතුවක් නැතුව ඇවිත් කිස් කරනවද.?.එහෙනම් ඔයත් පාරෙ යනකොට පරිස්සමට යන්න..පාරෙ යන ගෑනු ඇවිත් මිනිස්සුන්ව කිස් කරයි..ශිට්..තව වෙඩින් එකට තව මාසයක්වත් නෑ...බලු වැඩ කරාම ඔයත් එනව ද ඒව වහන්න?..මෙයා මට ආදරේ නම් ඕව කරයිද භානු?..මට ආදරේ නෑ..මං දන්න ව ඕව කරන්න ඇත්තෙ හිතල..මේ මගුල නවත්තන්න"

"පිස්සු කියවන්න එපා හංසි..උබ දන්නවද මූ උබට කොච්චර ආදරේද කියල.?.උබ මහ මෝඩියක් වගේ කෑ.ගහල ඒ කොල්ලව රිදවන්න එපා."

  "හහ් එතකොට ඔයාට පේන්නෙ නැද්ද මට රිදෙන තරම්?...භානු , ඔයාට පේන්නෙ මෙයාට රිදෙන එක විතරද?..මෙච්චර දෙයක් කරලත් ඔයා තාමත් මෙයාව සුද්ද කරනවද?..අනික ඔයත් ඇස් දෙකෙන්.ම දැකල? ..අහ්..හරිනේ දී කිරට බලල්ලුත් සාක්කි නෙ..මට තේරෙනව..."

   හංසි අඩ අඩා කියවනව..ඒ වචන හරියට මගෙ පපුව පසාරු කරගෙන යන පිහි තුඩක් වගේ..මං අහක බලාගත්තෙ ඇස්වලින් කදුලු වැටෙද්දිම..එයා මට කතා කරන්න දෙන්නෙ නෑ..අඩුම තරමෙ මගෙ වැරැද්දක් නෑ කියල කියන්න වත් දෙන්නෙ නෑ..මට ගොඩක් දුකයි..

යදම්Where stories live. Discover now