We've updated our Content Guidelines.
Review the latest guidelines to keep sharing stories safely.

යදම් - 46

5.3K 433 19
                                        

" තාත්තෙ ඒ භානු"

   මං කියද්දිම තාත්තට ඉදගෙන හිටපු පුටුවෙන් නැගිට්ට වුණේ ඉබේම..ඒ ලොකු වුණ පුදුම වුණ ඇස් දිහා බලන්න ශක්තියක් මට නෑ.මං ආයෙත් බිම බලාගත්තෙ එයා ගෙ කටින් පිටවෙන ඕනෙම වචනයක් අහන්න ලෑස්ති වෙලා..

"මොකක් ?"

"ඔව් තාත්තෙ..ඒ භානු"

    මං ආයෙත් හෙමීට කිව්වෙ බිම බලාගෙන ම..දැන් දැන් එන ඕන දේකට මූණ දෙන්න මගෙ හිත ටිකක් හැදිල..

"මොනවද ලමයො කියවන්නෙ?..ආ.?.භානු කියන්නෙ ඔයාගෙ කවුද?..එක කුස ඉපදුණේ නැතත් පොඩි කාලෙ ඉදන් හිටපු සහෝදරය..මොන පිස්සුවක් ද නටන්න යන්නෙ? "...

        තාත්ත කෑ ගැහුවෙ ගොඩක් තරහෙන්..මං ඒ මූණ දිහා බැලුවෙ නෑ..පපුව ගැහෙනව වේගෙන්..මං ඉස්සර වුණා වැඩිද කියලත් හිතෙනව..ඒත් කවදහරි මේකට මූණ දෙන්න වෙනව..

    "එක බෝඩිමේ ඉදන් මෙච්චර කල් පිස්සු නැටුවද?..ඇයි ඉගෙනගත්තෙ නැති මිනිස්සු වගේ හැසිරෙන්නෙ?....ඔයාල කරන හැමදේම අපිට අනුමත කරන්න පුලුවන් කියල හිතුවද?..මේක මොනතරම් වැරදි දෙයක් ද කියල තේරැණේම නැද්ද ?"

"ඉතින් තාත්තෙ අපි මස්සිනාලනෙ..සහෝදරයො නෙමේනෙ "

   මට ඕනෙ වැටුණ වලෙන්ම ගොඩ එන්න..එහෙම නැතුව මේකට විසඳුම කුත් නෑ දැන්..ඒත් මගෙ ඒ වචනත් එක්ක තාත්තගෙ තරහ තවත් වැඩි වුණා වගේ..

"ඈ මනුස්සයො ..මස්සිනා තියා මොකා වුණත් ඕක හරි කියල ද කියන්නෙ?..එක එක මිනිස්සු, නෑදෑයො ඔයාලව කොන් කරද්දි තමා තේරෙන්නෙ කරල තියෙන්නෙ මහ නරි මෝඩ වැඩක් කියල..මෙතනින් එහාට මේ ගැන කතා කරන්න දෙයක් නෑ..ඕක ඉක්මනට නවත්තන්න..අදම..නැත්තම් හැමෝම වැටෙන්නෙ ලෝක අමාරැවක..මං හිච්චිට කතා කරන්නම්..දෙන්න වෙන වෙන බෝඩිම් දෙකක් හොයාගන්න "

"ඒත් තාත්තෙ "

"කියන දේ අහනව සුදු පුතා..ඔයාට අපි පොඩි කාලෙ මොනවයින් ද අඩුවක් කරේ.?.ඔයාල වැරදි පාරෙ යද්දි හරි පාරට ගන්න තමා අපි ඉන්නෙ ..අනික නෑදෑකම් පවා නැතිවෙන වැඩ....දැන් යන්න...ආයෙ අපි මේ ගැන කතා කරන්නෙ නෑ..හෙට හිච්චිට මාව හම්බෙන්න කියන්න.."

යදම්Stories to obsess over. Discover now