We've updated our Content Guidelines.
Review the latest guidelines to keep sharing stories safely.

යදම් - 3

8K 650 18
                                        


         පහුවදා වසන්තව අධිකරණයට ඉදිරිපත් කරේ ලැබුණු හැම සාක්ෂිය යක්ම ( ඇඟිලි සලකුණු පවා) අපරාධකාරය වසන්න කියල ඔප්පු කරන ගමන්..දවස් කීපයකින් සාවද්‍ය මරණ වරදට වසන්තට මරණ දඬුවම නියම වුණත් ඒක ක්‍රියාත්මක නොවන හින්ද ජීවිතාන්තය දක්වාම සිර දඬුවම් නියම වුණා..

      මේ ටික දවසට භානුට කම්පැණියෙ යාලුවො සෙට් එකක් හැදිල..ඌ වගේම ආතල් එකේ ඉන්න  සෙට් එකක්...ඒත් එක්ක කෙල්ලෙකුත් සෙට් කරගෙන..

"උබ දැන් ඕක කරන්නෙ සිරාවටමද ?"

      මං රෑ කෑම ගන්න ගමන් භානුගෙන් ඇහුවෙ උගෙ එෆෙයාර්ස් ශුවර් නැති හින්ද..අඩුම තරමේ උගෙ සම්බන්ධකම් හවස් වෙනකම් වත් විශ්වාස කරන්න බෑ.

    "හ්ම්..කෙල්ල හොදයි වගේ..ගතිගුණ ත් හොදයි"

"එහෙනම් කමක් නෑ..දැන් සෙල්ලම් කරන්න කොහොමත් කාලයක් නෑ..කරනව නම් සිරාවට කරපන්.....ඒකි මොනවද කරන්නෙ?"

  "vet  ( veterinary- පශු වෛද්‍ය) කරන්නෙ..තාම කැම්පස් ..තර්ඩ් ඉයර් "

"ඒ කියන්නෙ ගොඩක් බාලද ?"

"නෑ අපිට වඩා අවුරැදු දෙකයි...ඒකිට විසි හතරයි."

"හ්ම්.. ජොබ් එකත් හොදයි..පිලිවෙලක් වුණානම් ඔය මොංගල් ගති ඇරිල යයි."

   මං ඇගට පතට නොදැනී කියද්දි භානු හයියෙන් හිනාවුණේ මේසෙටත් ගහල.

  "මට මොංගල් කියනව නම්.උබට මොකක්ද කියන්නෙ?..ඕකනෙ පිස්සෙක්ට තමන් පිස්සු කියල හිතෙන්නෙ නෑ"

"උබ කොහොමත් මට පිස්සු කිව්වට බලන අස්සරේ කරන ඕනම එකෙකුට තේරෙනව උබ සයිකො කේස් එකක් කියල."

     මං කියද්දි භානු පුටුවෙන් නැගිටල ගියෙ මගෙ ඔලුවට අතින් තට්ටුවක් දාගෙන..

    අපි දෙන්න කොහොමත් බෝඩිමේ දි ඉන්නෙ අපේ ලෝකවල.භානු හැමතිස්සෙම ජොබ් එකේ වැඩ..නැත්තම් කෙල්ල එක්ක මල් කඩන ගමන් ..එහෙමත් නැත්තම් යාලුවො එක්ක කතා කරන ගමන්..සමහර වෙලාවට පැය ගණන් ලැප් එකේ වැඩ සොෆ්ට්වෙයර් ඉංජිනේරුවෙක් කියන්නෙ ඉතින් ලැප් එක සමග සහ වාසේ නෙ.....මාත් කොහොමත් පොඩි පොඩි කේස් ඉනවෙස්ටිගේශන්ස් නිතර යන හින්ද භානුගෙ කරදරයෙන් බේරිල ඉන්න පුළුවන් වැඩි කාලයක් ඒවට යොමුවෙන හින්ද.

යදම්Stories to obsess over. Discover now