We've updated our Content Guidelines.
Review the latest guidelines to keep sharing stories safely.

යදම් - 35

7.5K 554 22
                                        

"මොකක්ද වුණේ සුද්දා ?.."

"මොකුත් නෑ..අපි යමු දැන් "

   මට ඕන වුණේ භානුව එතනින් ගෙනියන්න.උන් භානුට ලං වෙනව ඕනවට වඩා වැඩියි වගේ..සමහර විට යාලුකම වෙන්න ඇති..ඒත් එච්චර ලං වෙන්න දෙන්න බෑ කියල හිත කෑ ගහපු හින්දම මං භානුගෙ අත අල්ලගත්තෙ ආපහු යන්න.... ඒත් භානුට සමු දෙන්නෙ නැතුව එන්න බෑ වගේ නටන උන් දිහා බලන්..

"උබ ඉදපන් ..මං යනව"

    මං කිව්වෙ ටිකක් තරහෙන්..මට ඕනෙ කොහොමහරි එතනින් භානුව එක්ක යන්න..

   "පොඩ්ඩක් ඉදපන් මං අරැන්ට කියල එන්නම්."

    භානු ඉක්මනට ගියත් නටන උන් එක්ක කතා කරල සමු දිල එන්නත් පැය බාගයක් විතර ගියා.

  "මොකෝ වුණේ සුද්දා?..කවුරැහරි උබට මොනව හරි කිව්වද? ..ඇයි අප්සෙට් ගියෙ?" 

   භානු අහන්නෙ වාහනේ ලඟට යන ගමන් .මං උගෙ පිටිපස්සෙන් ගියෙ මොකුත්ම නොකිය.

"කියපන්කො බන් ...... උන් උබට ගහන්න ආවද?..නැත්තම් බැන්නද?"

"නෑ"

"එහෙනම් එකපාරටම අවුල් ගියෙ?"

    මං වාහනේ ලගට යනකම්ම ගියෙ සද්ද නැතුව. .මගෙ පපුව ගැහෙන්නෙ වැරැද්දක් කරපු අපරාධකාරෙක් පාපොච්චාරණය කරන්න ඔන්න මෙන්න වගේ.ඒකට හේතුව මං වත් දන්නෙ නෑ....

     මොනව වුණත් එතන මගෙ තැනක් නෙමේ..භානුට ප්‍රශ්නෙ ඇති මං සාමාන්‍යයෙන් කා එක්කවත් රණ්ඩුවලට යන කෙනෙක් නෙමේ හින්ද..ඒත් මට හේතු පැහැදිලි කරන්න ඕන වුණෙත් නෑ.. .

    භානු ඩ්‍රයිවින් ශීට් එකේ ඉදගෙන මං දිහා බැලුවෙ මං අනෙක් ශීට් එකෙන් ඉදගද්දි...ඌ ස්ටයරින් එක අල්ලගෙන ආයෙත් මං දිහා බලාගෙන නලලත් රැලි කරන්..ඒ මූණෙ තියෙන්නෙ ලොකු ප්‍රශ්න පත්තරයක්.

  "ඇත්ත කියපන් සුද්දා.. ඇයි උබට එන්න ඕන වුණේ?..ඇයි අරෑ වැටුණෙ?..උබ ගහගත්තද?..උබට ගැහුවද?"

"නෑ...යමු."

     භානු වාහනේ ගත්තෙ මූණත් බෙරි කරගෙන..මං භානු දිහා ආයෙත් බැලුව..ඉස්සහින් එන ලයිට් එලිවලට භානුව යන්තම් පේනව..භානු ඉස්සරහ බලාගෙන..මං ටිකක් වෙලා බලන් ඉදල භානුට ලං වුණේ එකපාරටම හිතට ආපු අමුතුම හැඟීමක් එක්ක.මට දැනුණෙ භානු ගැන ලෝබකමක් ද ඊරිසියාවක්ද ආදරයක් ද රාගයක් ද කියන්න මට තේරැණේ නෑ..ඒත් ඒ හැඟීම මගෙ හිත අවුස්සන්න ලොකු වෙලාවක් ගියෙ නෑ.......භානුගෙ බාගෙට ගැලවුණ ශර්ට් එකේ බොත්තම් මගෙ  අතින් හෙමින් හෙමින්  ගැලවෙද්දී භානු මං දිහා බැලුවෙ ඇස් දෙකත් ලොකු කරල..

යදම්Stories to obsess over. Discover now