යදම් - 47

1.1K 174 8
                                    

මං වොෂ් එකක් දාගෙන කාමරේට එද්දි භානු නෑ..මූ උදේම ගිහින්ද..මං කුස්සියටත් එබිල බැලුව..භානු නෑ..මං ඉක්මනට දිව්වෙ එලියෙ වාහනේ තියනවද බලන්න ..දෙයියනේ..භානු ගිහින්..මට තරැ පෙනුණ.. ශිට්.....මං දඩිබිඩි ගාල ඇදුමක් දාගෙන බයික් එක අරන් පාරට දැම්මෙ භානුගෙ වාහනේ ඔලුවෙ තියාගෙන..

      වාහනේ පේන තෙක්මානෙක නෑ...එච්චර ඉක්මනට ගිහින්ද..මං පුලුවන් උපරිම වේගෙන් වාහන අස්සෙන් බයික් එක දදා සෑහෙන දුරක් ආවත් භානුගෙ වාහනේ දැක්කෙ නෑ..මඟ ටිකක් නැවතිලා කෝල් එකක් ගත්ත..පෝන් එකත් වැඩ නෑ......භානුට කරදරයක් වුණොත්..ශිට් මගෙ වැරැද්ද..මං එයාව මං ලඟ තියාගත්තෙ නැති වැරැද්ද..මට මං ගැනම ඇති වුණේ පුදුම තරහක් ..

    කලර් ලයිට් යට කොළපාට වැටෙනකම් ඉවසිල්ලක් නැතුව ඉද්දි මට හිතුණෙ බයික් එකට උඩින් යන්න බලයක් තිබ්බනම් හොදයි කියල..මගෙ කොල්ලට මොනව වත් වෙන්න එපා කියල හිතින් ප්‍රාර්ථනය කරත් එයාව දකිනකම් හරි වාහනේ දකිනකම් හරි මට විශ්වාස නෑ එයා ආරක්ශිතයි කියල.

"මොනවද ඕයි වමෙන් දාන්නෙ.?.මැරෙන්න ද ඕනෙ ?"

    එක මිනිහෙක් හයියෙන් කෑ ගහනව ඇහුණත් මට නිකමට වත් ඒ දිහා බැලවුණේ නෑ..මං එක පිම්මේ ආවෙ භානුගෙ කම්පැණි එකේ ගේට් එක ලඟට..

"මහත්තය කොහෙද යන්නෙ?"

      කම්පැණි එකේ සිකුරැටි මනුස්සය අත දාල මගෙ බයික් එක නවත්තද්දි මට ආවෙ ඌ ගැනත් තරහක්.ඒත් හරි අමාරැවෙන් ඉවසන් කතා කරේ මගෙ වැඩේ කරගන්න ඕනෙ හින්ද..මට ඕනෙ භානුගෙ වාහනේ තියනවද කියල බලන්න..ඒක තහවුරැ කරගන්න වාහන පාර් එකට ගියා නම් ඇති..ඒත් පාර්ක් එක තියෙන්නෙ බිල්ඩින් එක පිටිපස්සෙ..

  "අංකල් මගෙ මල්ලි වැඩ කරන්නෙ මේකෙ..ඉංජිනියර් කෙනෙක්..මට එයාව හදිස්සියකට හම්බවෙන්න ඕනෙ..මට පොඩි වෙලාවක් දෙන්න.."

      මිනිහ නලලත් රැලි කරන් මං දිහා බලාගෙන..ඌ දන්නවනම් මෙ මොහොතෙ මට හිතෙන්නෙ උගෙ හොම්බ ට අනින්න කියල මට මෙතන වත් ඉන්න දෙන්නෙ නෑ..

  "සොරි මහත්තය ..ඔයා මෙහෙ වැඩ කරන කෙනෙක් නෙමේනෙ..මේ වෙලාවෙ යන්න බෑ "

යදම්Où les histoires vivent. Découvrez maintenant