යදම් - 19

1.3K 208 12
                                    

     පහුවදා ටනාෂ ව අධිකරණයට ඉදිරිපත් වුණේ හැම සාක්ෂියක්ම එක්ක.ලැබුණු සාක්ෂි වගේම ටනාෂාගෙ පාපොච්චාරණය අනුව පුද්ගල ඝාතන තුනකට වැරදිකාරය විදියට අධිකරණය තීන්දු කරා..ඒත් ටනාෂ තමන් තව මිනීමැරුම් හතරක් කරපු බවට පාපොච්චාරණය කරත් ඒවට සාක්ෂි නැති හින්දම ලොකුවට විභාග කෙරැණෙ සාක්ෂි තිබුණ ඒව විතරයි..

    ඒ අනුව ටනාෂා නම් විත්තිකාරියට ලැබුණ චෝදනා .....

1. 2016 .09.05 - සහන් කුමාර නමැති අවුරැදු විසි නමයක අවිවාහක තරුණයා නිවසේදී ඝාතනය කිරීම.

2.2015.08.25 - දින අතුරැදන්වුණ බවට පැමිණිලි ලැබිල තිබුණ අවුරැදු තිහක් වුණ චිරන්ත සම්පත් නමැති තරැණයා ඝාතනය කිරීම

3.2016.10.30 - වයස අවුරැදු තිහක් වුණ ධීමන්ත සේරසිංහ නමැති තරැණයා හෝටලය තුල ඝාතනය කිරීම.

4. 2016..11 .10 - අවුරැදු විසි හයක අවිවාහක නිලංග සමරනායක නමැති තරැණයා නිවසේදී ඝාතනය කිරීම

5 . 2016. 11.15 - අවුරැදු විසි හයක භානු රාජපක්ෂ නමැති අවිවාහක තරුණයා ඝාතනය කිරීමට තැත් කිරීම

     මේ හැම චෝදනාවක් ම යටතේ ටනාෂාට නඩු වැටෙද්දි ටනාෂා එක්ක හිටපු ශේන්ටත් නඩු කීපයක්ම තිබුණෙ මත්ද්‍රව්‍ය ජාවාරමට වගේම මිනීමැරුම්වලට අනුබල දුන්න එකට..

   එදා හවස මං ගෙදර ආවෙ භානුට කියන්න තිබුණ වැදගත්ම දේ කියන්න හිතාගෙන.

"භානු?"

     මං උගෙ කාමරේට ගිහින් ඇදෙන් ඉදගද්දි භානුත් ඇවිත් මං ලගින් ඉදගත්ත.

    "භානු ..උබ දැන් දන්නව ටනාෂා කියන්නෙ ගණිකාවක් කියල ..ඒ හින්ද උබ STD වලට ලේ ටෙස්ට් එකක් කරන්න ඕනෙ "

     මං සීරියස් විදියට කියද්දි භානු මං දිහා අමුතු විදියට බලල හිනාවුණා..මූ ඒකත් විහිලුවට අරන්...

    "විහිලු නෙමේ බන්..උබ ඒක කරන්න ම ඕනෙ ..මං දන්නවනෙ උබ ඉවසන එකෙක් නෙමෙනෙ ..ඒකි එක්ක රෑම් ගානෙ යන්න ඇති."

     මං කියවන් යද්දි භානු මගෙ කරට අත දාගත්තෙ හිනාව නවත්තල සීරියස් මූඩ් එකක් අරන්.

යදම්Où les histoires vivent. Découvrez maintenant