We've updated our Content Guidelines.
Review the latest guidelines to keep sharing stories safely.

යදම් - 59

4.5K 408 62
                                        

යදම් - 59

    නවීන පන්නෙට හදපු ගෙයක් වුණාට ඒක තනිකරම හොල්මන් ගුහාවක් වගේ..සාලෙට දාල තිබ්බ නයිට් බල්බ් එකේ නිල් පාට එලියට ඇතුලෙ තියන දේවල් පෙනුණෙ ලාවට..අපි දෙන්න ඇතුලට යද්දි අවුරැදු විස්සක විතර ටිකක් කෙට්ටු  කොල්ලෙක් ඇවිත් අපි ඇතුල් වෙද්දි ම දොර වැහුව..හරියට අපි පැනල යයි කියල වගේ.

"කෝ සර්?"

    සනුක අහපු විදියට මට හිතුණෙ ඌ ඒ කොල්ලව හොදට අදුරනව.ඒ කියන්නෙ ගොඩක් කල් ඉදල වැඩ කරල තියෙනව

    "සර් ඇතුලෙ ඉන්නෙ..මෙයාව තියල ඔයා ගිහින් එන්න.."

    කොල්ල කිව්වෙ සනුක දිහා බලන්.....ශිට් ඒ කියන්නෙ මං අලුත් හින්ද යන්න බැරිද..මං අහිංසක විදියට කොල්ල එක්ක හිනාවෙලා පුටුවකින් ඉදගද්දි සනුක ඇතුලෙ කාමරයක් ඇතුලට ගියා..මං කරේ ඉන්න තැන ඉදන්ම හැමතැනම බල බලා පරීක්ෂා කරපු එක..සාලෙ බඩු සාමාන්‍ය ගෙදරකට වඩා අඩුයි..හරි සරල ගෙයක්..කිචන් එක සාලෙට හොදට ඕපන්..අලුත් විදියට හදල..කාමරත් තුන හතරක් වගේ ඇති...සාලෙ බිත්තියෙ තියන මකුලු දැල් පවා මගෙ ඇස්වලින් ස්කෑන් වුණා.එකපාරටම සනුක කාමරේ දොර ලගින් මතුවුණා...ඒ කියන්නෙ සාකච්ඡාව ඉවරද..

"එන්න .."

    සනුක මං දිහා බලන් අතින් කතා කරද්දි මං ඉක්මනට පුටුවෙන් නැගිටල ගියෙ කාමරේ දොර ලගට..ශේප් එකේ පෝන් එක සාක්කුවෙන් ගන්න හදද්දිම කොල්ලා ලගට එනව දන්නෙම නෑ..

"කෝ පෝන් එක දෙන්න..ඔය කාමරේට අරන් යන්න බෑ..ආවම දෙන්නම්.."

   අහ්..ඒ මොන නීතියක් ද...ශිට්..අපරාදෙ මෙතන රෙකෝඩ් එක..

    සනුක මං එක්ක ඇතුලට ගියා.කාමරේ ඇතුලෙ තිබ්බෙ මේසෙකුයි පොටුවකුයි විතරයි..වයස අවුරැදු හතලිහක හතලිස් පහක විතර මනුස්සයෙක් පුටුවෙ ඉදගෙන හිටියෙ ජනාධිපති ලීලා වෙන්  ...අහ්..කලින් දැකල තියෙන හුරුවක් තියනව....මං තත්පර ගාණක් මිනිහගෙ මූණ දිහා බලන් කල්පනා කරේ කොහෙදිද දැකල තියෙන්නෙ කියල..ඒත් එකපාරටම එන්නෙ නෑ..

    මිනිහ මගෙ කේසාන්තයෙ ඉදන් පාදාන්තය දක්වා ස්කෑන් කරද්දි මං ඔලුව නමල අහිංසක හිනාවක් දැම්ම..ම්හ්..මිනිහ හිනාවුණේම නෑ..ඒ උකුසු ඇස් දෙකට හොරෙන් මගෙ ඇස් දෙකට මුලු කාමරේම ස්කෑන් වුණා..ඒක සීල් කරපු කාමරයක් වගේ..ජනේලයක් නෑ.සාලෙ සිවිලිම් තිබ්බට කාමරේ උඩ තිබ්බෙ ස්ලැබ් එකක්..ඒත් මේක තනි තට්ටුවෙ ගෙයක්..කාමරේ බිත්තියේ බාගයක් විතර වැහිල ලොකු චිත්‍රයක් එල්ලල..බැලූ බැල්මට සාමාන්‍යයි වගේ පෙනුණට කාමරේ ඇතුල විශේෂයක් තියනව කියල නිකමට හිතෙනව..සමහරවිට විශේෂයක් නොතිබෙන්න පුලුවන්..ඒත් ඒක තියන විදිය ටිකක් සැක කරන්න දේවල් නැත්තෙමත් නෑ.

යදම්Stories to obsess over. Discover now