We've updated our Content Guidelines.
Review the latest guidelines to keep sharing stories safely.

යදම් - 54

4.5K 426 12
                                        

භානු රැක් පෙන්න පෙන්න බඩු ගන්න විධානය දිදී ලෝඩ් වගේ යද්දි මං පිටිපස්සෙන් කූඩෙ දක්කන් ගියෙ පෙන්නනන පෙන්නනන බඩු කූඩෙට දදා..සුවච කීකරු ගෝලය වගේ.....බයයි නෙ කියන දේ කරේ නැත්තම් ඉවරයි..😏 සබන්, ටූත්පේස්ට්,  බ්රශ්,  කෑම වර්ග,  බීම වර්ග ගොඩක් බඩු ...

    මෙච්චර බඩු මොකටද..ඒත් ප්‍රශ්න අහන්න තහනම්....භානු හරියට දානයක් දෙන්න යනව වගේ ...

---------------------------------------------------------------------

      ගත්ත බඩු ඔක්කොම ඩිකියෙ  දාල මං භානුගෙ මූණ දිහා බැලුවෙ කොහෙද යන්නෙ කියල අහන්නෙ නැතුව...අහන්න තහනම්...

  "වාහනේ ගන්න.."

     භානුගෙ විධානෙට මං ආයෙම ඩ්‍රයිවර් වුණා..වාහනේ ප්‍රධාන පාරෙන් අතුරැ පාරකට දාල කි.මී එක හමාරක් විතර ආව..ඒක ටිකක් මිනිස්සු අඩු පැත්තක්..පාලු පාරක් වගේ...අපි ආවෙ ලොකු වත්තක් මැද තිබ්බ ගෙදරකට...ටිකක් ලොකු ගෙයක්...ගේ ඉස්සරහ තිබ්බ පිට්ටනියෙ තැන් තැන්වල පොඩි එවුන් දහයක් පහලවක් විතර දුව දුවා සෙල්ලම් කරේ හයියෙන් කෑ ගගහ ..ඉස්සරහ ලොකු බෝර්ඩ් එකක් ගහල. ..

  [ස්නේහා ලමා නිවාසය..]

   ඒ කියන්නෙ භානු ඇවිත් තියෙන්නෙ මේකට ද...බඩු ගත්තෙ මෙහෙට දෙන්නද...ලමා නිවාසෙට..

"සුද්ද..මේව අරන් යමු"

    අපි දෙන්න බඩු ටික වාහනෙන් ගෙනිහින් ඇතුලට අදිද්දි ටිකක් මැදි වයසෙ ගැහැණු කෙනෙක් ඇවිත් හිනාවෙලා පිළිගත්ත..පාලිකාව කියල මට හිතුණෙ ඒ කතා කරපු විදියට..

"මහත්තයට පාර හොයාගන්න අමාරැ වුණාද?..ආයෙ කෝල් කරපු නැති හින්ද මං හිතුවෙ එන්නෙ නැතිවෙයි ද කියල.."

"අහ්..අවුලක් නෑ මිස්..එච්චර අමාරැ වුණේ නෑ "

   භානු හිනාවෙලා පාලිකාව ට උත්තර දුන්න .මං මොකුත් නොකිය ඒ දෙන්නගෙ කතාව දිහා බලන් හිටියෙ අහසින් පාත් වුණා වගේ.මූ මට මෙලෝ විස්තරයක් කිව්වෙ නෑනෙ.

  "මහත්තයට ගොඩක් පින් මහත්තය ....මෙයාලට මේ දවස්වල බඩු හම්බවෙනව අඩුයි..ආර්ථික අපහසුකම් එක්ක මිනිස්සුන්ටත් කරදර කරන්න බෑනෙ ඉතින්..."

යදම්Stories to obsess over. Discover now