We've updated our Content Guidelines.
Review the latest guidelines to keep sharing stories safely.

යදම් - 28

5.7K 516 18
                                        

දෙයියනේ ...භානු මොනවද මේ ලියල තියෙන්නෙ.මගෙ පපුව වේගෙන් ගැහෙනව..හිතට අමුතු හැඟීමක් එක්ක මොකක්දෝ කියාගන්න බැරි කලකිරීමක් වගේ දැනෙනව..ඒ කියන්නෙ මටද මේ කවි ලියල තියෙන්නෙ , මටද මේ විදියට ආදරේ කරල තියෙන්නෙ.....ඒත්....එයා කොහොමද මං ගැන ඒ විදියට හිතුවෙ..මෙච්චර යාලුවෙක් , සහෝදරයෙක් වගේ ඉදල මේ වගේ හැඟීම ක්...

     මට දැනුණෙ මගෙ ඔලුව කැරකෙනව වගේ ...මං එහෙමම ඉදගෙන පොටෝ එක අතේ තියන් හිටියෙ ආයෙ පොත පෙරලන්න බයෙන්..අතත් වෙව්ලනව..

   මං හිතට ශක්තිය අරන් ආයෙත් පොත පෙරලුව..ඔව්.. ඒ මං ගැන තමා ලියල තියෙන්නෙ..මට භානු ගැන  ඇති කරගන්න ඕන හැඟීම මොකක්ද කියලවත් තේරෙන්නෙ නෑ......එතකොට භානු gay ද.. නෑ වෙන්න බෑ...එහෙනම් ඇයි කෙල්ලො එක්ක දිගටම යාලු වුණේ...මට gay නෙමේ කියල පෙන්නන්න ද.....පිස්සු වගේ..

   පෝන් එක රින් වෙනව..හංසි ...ඒත් මට දැන් එයා එක්ක කතා කරන්න තරම් නිරවුල් මනසක් නෑ..පෝන් එක රින්ග්වෙලා ඉවර වෙනකම්ම මං කරේ ඔහේ බලන් හිටපු එක...ආයෙ ආයෙ රින්ග් වුණත් මට ඒක දැන් ආන්සර් කරන්න බෑ....

     මං ආයෙත් අමාරැවෙන් පොත පෙරලල අන්තිම පිටු ටිකේ ලියල තිබ්බ දිග රචනාව වාගෙ හෑල්ල දිහා බැලුව..ඒක ලියල තියෙන්නෙ මීට දවස් ගාණකට කලින්..ඒ කියන්නෙ ලඟදිනෙ....දෙයියනේ මේ අවුරැදු ගාණ පුරාවටම භානු මං එකක ඉදල තියෙන්නෙ මේ වගේ හැඟීමකින්....ඒව කාටවත් කියාගන්න බැරි හින්ද ලියල තියෙන්නෙ .....මගෙ හිත දෙගිඩියාවෙන් හිටියෙ ඒ රචනාව කියවන්නද නැද්ද කියල හිත හිතා...මට ඒක කියවන්න බයයි...ඒත් කියවන්න ඕන...පපුව ගැහෙන්නෙ හරියට වතුරෙන් ගොඩ දාපු මාලුවෙක් වගේ..

    //මට සමාවෙයන් රත්තරන්..මං දන්නව උබට මේ අසම්මත ආදරේ වහ කදුරු වගේ...ඒත් මට ඒ ආදරෙන් අයින් වෙන්න හිතන්නවත් බෑ..කාටවත්ම කියාගන්න බැරි ආදරේක මං හිරවෙලා. මටවත් හිතාගන්න බෑ මේ තරම් කාලයක් මං උබට ආදරේ කරාද කියල.උබ යාලුවෙන්න ඕන නෑ බදින්න බෑ කිය කියා මග අරිද්දි මං තරම් සතුටු වුණ කෙනෙක් මේ ලෝකෙ කොහෙවත් ම නැතුව ඇති..දහය වසරෙදි ශානක ය උබට ඇහැ දාද්දි උබවත් නොදැන මං උබව උන්ගෙන් ඈත් කරේ උබ අයිති මට විතරක් හින්ද..ඒත් එදා ඉදන් මේ හිත පොඩිකාලෙට වඩා වෙනස් විදියට උබ ගැන හිතද්දි මං හිතට සීමා දාගෙන හිටියෙ පුදුමාකාර ආයාසයකින්.....උබ දන්නවද මගෙ මැණික මං යාලු වුණ කෙල්ලො ගාණ අතේ ඇඟිලිවලටත් වැඩි ඇති.මට ඕන වුණේ මං එහෙමයි කියල උබට පෙන්නන්න..මං බය  උනා බන් උබ මගෙ හිත අඳුරගනීද කියල....ඒත් නෑ..උබ CID වුණාට මට පුලුවන් රත්තරන් උබ ලඟ ඉදන් උබට නොදැනී ආදරේ කරන්න..//

යදම්Stories to obsess over. Discover now