යදම් - 2

2K 258 22
                                    

යදම් - 2

  "හෙලෝ..භානු.."

"සුද්දා...හ්....මා බෝයි..අද මං එනෝ "

    පෝන් එකෙන් හයියෙන් ඇහුණ සද්දෙ මගෙ උදේ වරැවම කාල දැම්ම වගේ..මං එකපාරටම පෝන් එක කනෙන් ටිකක් ඈත් කරේ ඒ හඩ අනික් පැත්තෙ කනෙන් පිටවෙන  වගේ දැනුණ හින්ද..

     "මං යතුර  එලියෙන් තියල යන්නෙ..මේ දවස්වල ඉන්වෙස්ටිගේශන්ස් ටිකක් යනව.. එන්න පරක්කු වෙයි..ඔයා බඩු ටික කාමරෙන් තියාගන්න.."

"ඕ..කේ...සුද්දා...උබ වැඩ ටික කර ගනින්..මං එද්දිත් කොහොමත් හවස් වෙනව"

"හරි මං තියනව..බායි"

"බා..යි මා... ඩලා...උම්මාහ් "

      භානු ....ඉස්සර විදියමයි...කියවන එකේ සීමාවක් නෑ...මට තරැ පේන්නෙ ඌ ඇවිත් මගෙ කන් දෙක පුරවන විදිය මතක් වෙද්දි...

      ඉස්සර ඉදන්ම භානුවට කෙල්ලන්ගේ එෆෙයාර්ස් වලින් නම් අඩුවක් නෑ..ඌ කොහොමත් හැන්ඩි කොල්ලෙක්.හම තලෙලු වුණාට අමුතු ආකර්ෂණීය බවක් තියෙන්නෙ කටකාරකමත් එක්ක වෙන්න ඇති..කෙල්ලො කොහොමත් කියවන කොල්ලන්ට කැමතියි..ඒ හින්දම ද කොහෙද භානුට ආදර කතා කාලෙන් කාලෙට එක එක විදියට තිබුණ..

"අපෝ...උබ නම් මෙලෝ රහක් නෑ බන්.කෙල්ලක් ඇවිත් දණ ගහල මුද්ද දෙනකම් ද ඉන්නෙ "

    මං එක්ක ඉන්න ගොඩක් වෙලාවට භානු මාව චාටර් කරේ ඒ විදියට. ඌ දකින විදියට මං මෙලෝ රහක් නැති, පොත මත්තෙම නැහුණ නිකම්ම නිකම් නිකමෙක්.....වෙන්න ඇති ....ඒත් මං ඒ ජීවිතේ ට ගොඩක් කැමතියි..තනියම නිදහසේ ජීවත් වෙන එක තරම් දෙයක් තවත් නෑ..සමහර විට ජොබ් එක නිදහස් නැති වෙන්න පුලුවන්..ඒත් බැදීම් හදාගෙන වගකීම් වල හිර වෙන්න මං කැමති නෑ.

   "ඇයි බන් උබ කෙල්ලෙක් ට කැමති නැත්තෙ...අඩුම තරමෙ යාලුවොවත් ඉන්නවද කියපන්?...යකෝ මනුස්සයෙක් වුණා ම ජීවිතේ කියන්නෙ පොත් ම නෙමේ , ජොබ් එකම නෙමේ ..ආදරයක් කරල , බූට් එකක් කාල, බූට් එකක් දීල , ආතල් එකක් අරගෙන බලපන්.උබට දැනෙයි ජීවත් වෙනව කියල..උබ වගේ එකෙක්ට  කෙල්ලො අකමැති නෑනෙ.."

     භානු නිතරම කියෙව්වෙ ඒ විදියට..දැන් ආයෙමත් ඒ පරණ රෙකෝඩ් අහන්න වෙන  කියන්නෙ නම් පිස්සු හැදෙනව ...ඌ කියන විදියට මං හැන්ඩි කොල්ලෙක්...මං භානුට වඩා අඟලක් විතර උස ඇති..ඒත් ඌට වඩා කෙට්ටු ,ටිකක් සුදු කෙනෙක් .ඒ හින්ද වෙන්න ඇති ඌ එහෙම කියන්නෙ..ඒත් මට ලස්සන ගැන හිතන්න තරම් උනන්දුවක් නෑ..

යදම්Where stories live. Discover now