We've updated our Content Guidelines.
Review the latest guidelines to keep sharing stories safely.

යදම් - 44

5.3K 499 9
                                        

   මං හැරැණෙ අයාල්ගෙ කටහඬට..අයාල් කාමරයක් ඇතුලෙ සර්ච් කරනව ..මං එතෙන්ට දිව්වෙ අඩියට දෙකට..

"මේ...?"

"අහ්"

    කාමරේ ඇදට දාල තිබ්බ මෙට්ටෙ යට පොඩි පොඩි පැකට් ගොඩයි.ඒ අතර අයිස්, හෙරොයින් වලට අමතර තව තව මත්ද්‍රව්‍ය වර්ග කීපයක්ම තිබුණ..ඒ එක්කම මං ඉක්මනට බැලුවෙ ඇද යට..ඒක යට පොඩි පෙට්ටියක්..අපි දෙන්න පෙට්ටිය ඇරල බැලුවෙ තව තව මත්ද්‍රව්‍ය ඇති කියල හිතන්..ඒත් ඒකෙ තිබ්බෙ පිස්තෝලයක්..ඒ කියන්නෙ මෙතන මධ්‍යස්ථානයක් වගේ...

"අයාල් තව බලන්න තව ඇති.."

    මං එලියට ආවෙ ඒ කාමරේ අයාල්ට භාර දීල..

"සර්..මේ...?"

    ඒ එක්කම මං ලගට ආවෙ තව ඔෆිසර් කෙනෙක්..

"මොකක්ද ?"

"තුවක්කු දෙකක්..."

"අහ් තව චෙක් කරන්න "

     මං ඒක මිනිහට භාර දීල ආයෙත් බිම හොදට සර්ච් කරා...මේකෙ හිටපු උන් ට සෘද්ධි බලේ නෑනෙ පැනගන්න..කොහෙද ගියෙ..ම්හ්...කිසිම සලකුණක් නෑ..ගේ ඇතුලත හැමතැනම සර්ච් කරල මං ආයෙත් ආවෙ අයාල් ලඟට..

"මොනවද තව තියෙන්නෙ?"

"ම් තාම මොකුත් හම්බුණේ නෑ.."

   කාමරේ දොර ලග අයාල් එක්ක කතා කර කර හිටපු මගෙ ඇස් දෙක රස්තියාදු ගැහුවෙ සාලෙ පුරාම..

   උඩ සුදුපාට සිවිලිම..පැත්තෙන් ටීවී ස්ටෑන්ඩර් එකේ ලොකු ටීවී එකක්..පැත්තකින් පොත් තියන පොඩි රාක්කයක්..මං හෙමීට අඩිය තිය තිය ගියෙ පොත් රාක්ක ය ලඟට..මේ වගේ තැන්වල අපි නොහිතන විදියට තව දේවල් තියෙන්න පුළුවන්.

"..අහ් "

    එකපාරටම මං වැටෙන්න ගියෙ කකුලෙ දෙයක් හැප්පුණ හින්ද..යන්තමට ඉස්සුණ ටයිල් එකක්....මං නැවතිලා හොදට බැලුව..ඒක අමුතුයි..ටයිල් එක බාගෙට සෙට් කරල වගේ..හැමතැනම තිබ්බ ටයිල් ගොඩක් ලොකු ඒවා..සුදු පාටයි..මං ටයිල් එක ටිකක් තල්ලු කරල හෙමීට සෙට් කරා.......ඒ කියන්නෙ ඒක අයින් කරන්න පුලුවන් ටයිල් එකක්..

"අයාල් ?"

  මං කතා කරද්දි අයාල් හිටියෙ මගෙ පැත්තට එන ගමන්..

යදම්Stories to obsess over. Discover now