යදම් - 22

5.8K 530 18
                                        

යදම් - 22
 
    හංසි දැනගත්තොත් එයාගෙ ගමන යන්නෙ නැතුව මං බීච් ගියා කියල ගොඩක් අවුල් වෙයි..ඒත් භානුගෙ හිත හදන්න ඕන.හේතුව මං දන්නෙ නැති වුණාට ඌ අවුලෙන් කියන එක මට දැනෙනවනෙ.

"හෙලෝ අම්මා.."

අම්මගෙන් කෝල් එකක්...

"සුදු පුතා වැඩද ?"

"හ්ම්..ටිකක්..මොකෝ වැදගත් දෙයක් වගේ"

    "පුතා ..ඔයාගෙ හිත දැන්වත් වෙනස් වෙලාද?..බදින අදහස ගැන මොකද කියන්නෙ?..අද තාත්තයි මායි තාත්තගෙ යාලුවෙක්ගෙ ගෙදර ගියා.එයාගෙ දුව ලෝයර් කෙනෙක්..තාම මැරි කරල නෑ..ගෑණු.ම ලමයත් ලස්සනයි, ගතිගුණ ත් හොදයි වගේ..අනික ඔයාගෙ.රස්සාවටත් ගැලපෙනවනෙ..මොකද කියන්නෙ?"

    "අහ්..මං බැලුව ඒත් මේ උදේම මොකද මාව මතක් වුණේ කියල....අයියෝ අම්මා..මට ලෝයස්ල එපා..අම්ම කැමති නම්  ලස්සන නර්ස් ලේලියෙක් ගේන්නම්"

     මං ගාණකට නැතුව හිතාවෙල කියද්දි අම්ම හිනාවුණේ ලොකු සතුටකින්..එයාලගෙන් මට කොහොමත් සීමා බාධා නෑ.මං කැමති එකකට එයාලත් කැමතියි...මං මැරි කරන්නෙ නැතුව ඉන්න තීරණය කරත් එයාල ටිකක් බල කරල ඊට පස්සෙ මං ගන්න තීරණවලට කැමැත්ත දෙනව..ඒක මට ලොකු නිදහසක් .

" මොකක්? ඒ කියන්නෙ අපිටත් හොරෙන් හොයාගෙනද?..මගෙ පුතා ඉතින් නොගැලපෙන දෙයක් කරගන්නෙ නෑ කියල අපි දන්නවනෙ..මට ආසයි මගෙ ලේලි පොඩ්ඩ බලන්න..කියන විදියට නම් එච්චර කල් නෑ වගේ.."

    "අම්මා කොහොමද එහෙම කියන්නෙ?..හ්ම් ලගදි තමා එෆෙයා එක පටන් ගත්තෙ."

  "ඒකනෙ ..මගෙ හිතට දැන් ගොඩක් නිදහස්..තාත්තත් මේක ඇහුවම ගොඩක් සතුටු වෙයි..අපි දවසක් දාගෙන ඒ දරැව බලන්න යමු ..මං තාත්ත එක්ක කතා කරන්නම්කො"

" අයියෝ අම්මා ..දැන්ම ඒ ගැන හිතන්න එපා..තාම ආස්සරේ කරන්න පටන් ගත්ත විතරනෙ..පස්සෙ බලමු ඒව"

"හා හා ..ඉස්සෙල්ල ඔයා ගෙදර එන්නකෝ"

"මං තියන්නද අම්ම.?..ඊලග සතියෙ නිවාඩු එන්නම්."

"හරි පුතා ..බුදු සරණයි."

"බුදු සරණයි අම්ම"

යදම්Stories to obsess over. Discover now