යදම් - 51

1K 172 13
                                    

නේහයි නේහගෙ අම්මයි .......ඒ ත්‍රීවිල් එක හැරැණෙ දේවාලෙ පැත්තට...

     මං එයාලව දැක්කට එයාල මාව දැක්කෙ නෑ...ත්‍රීවීල් එක අතුරැ පාරට හරවද්දිම මාත් බයික් එක හැරෙව්වෙ ඒක ෆලෝ කරන්න.....ත්‍රීවීල් එක කෙලින්ම නැවතුණේ දේවාලෙ මිදුලෙ....මේ දෙන්න මොනවටද මෙහෙ ආවෙ..භානුට මොනව හරි කරන්නද..මං ටිකක් ඈතට වෙලා බලන් හිටියෙ මොකද වෙන්නෙ කියල.හැමදේම ගැන සැක හිතන හින්දද මන්ද මටත් මෙහෙම කරන්න හිතෙන්නෙ.සමහර විට එයාලගෙ වෙන වැඩකට එන්නත් පුලුවන්...මං දේවාල ගැන විශ්වාස නොකලත් මගෙ හිත කියන්නෙම මේ දෙන්නව ෆලෝ කරන්න කියල.

    රන් තැන්නෙ දේවාලෙ..මේක හුඟක් ප්‍රසිද්ධ තැනක්..

    ගේ ඉස්සරහ වෙනම පොඩි කාමරයක් වගේ ගොඩනැගිල්ලක දේවාලෙ තියෙන්නෙ...සුදු ඇඳගත්ත දහයකට වඩා දොර ලඟ  පෝලිමේ..වැඩිපුරම හිටියෙ වයසක ගැහැණු අය..නේහායි අම්මයිත් ගිහින් පෝලිමට එකතු වුණේ කලින් ඇපොයිමන්ට් දාල වගේ.....ඒ කියන්නෙ මොනව හරි ගුරුකමක් කරන්න ඇවිත්ද. ....ඒත් කාටද..භානුටද...ශිට් මටත් හිතට නිදහසක් නැති හැටි..ඒත් මේක ලේසියෙන් අතාරින්න හිතෙන්නෙත් නෑ....

   මං බයික් එක නවත්තගෙන හිටිය පැයක් විතර..ඒත් කාටවත් මාව අදුර ගන්න බෑ..ෆුල් ෆේස් හෙල්මට් දාල හින්ද...අනික කාටවත් මං ගැන අවධානයකුත් නෑ.

   නේහායි අම්මයි ඇතුලට ගිහින් පැය බාගෙකින් වගේ එලියට ආවත් සැක හිතෙන දෙයක් අතකවත් නෑ..ඒත් මොනව ම හරි කරනව කියල හිතෙනව..මට හිතෙන්නෙම භානුට මොනව හරි කරන්න හදන්නෙ කියල..මං බයික් එක හරවන් ගෙදර එන්න ආවෙ ඒ දෙන්න පාරට එන්න කලින්..

     ගෙදර ආවත් කා එක්කවත් වැඩිය කතා කරන්න හිතෙන්නෙ නෑ..ඒත් අක්ක ගෙදර හින්ද කට වහගෙන ඉන්න එක කරන්නත් බෑ..

"සුදු පුතා ...අසනීපෙන්ද ?"

      පහුවදා අත්තම්ම මගෙ කාමරේ දොර ලග හැරමිටියට වාරැ දීල ඇහුවෙ මං ඇද උඩ ඉදන් ඔහේ කල්පනා කර කර ඉද්දි..

"නෑ අත්තම්ම..එන්න"

    මං නැගිටල ගිහින් එයාව අතින් අල්ලන් ඇදෙන් ඉන්දවල ඒ ලගින්ම ඉදගනත්ත.

යදම්Where stories live. Discover now