යදම් - 63

1.2K 178 12
                                    

"එක්ස්කියුස්මී සර් "

     මගෙ කල්පනා ලෝකෙ බිදුණෙ පැමිණිලි අංශෙ ඉන්චාජ් SI හේවගේ ගෙ කටහඬට..

"කියන්න හේවගේ ..මොකක්ද ප්‍රශ්නෙ?"

"සර් අර කලින් ආපු ගෑනු කෙනා ගැන දෙයක් කියන්න තියනව.."

"ම්... මොකක්ද ?"

   "සර් මං හිතනව මං මේ කියන දේවල් සර් වැරදියට තේරැම් ගන්නෙ නැතිවෙයි කියල.."

"මොනවද?"

     මං විමසිල්ලෙන් බැලුවෙ මූණත් බැරෑරුම් කරගෙන ලොකු කතාවක් කියන්න යන එස් අයි හේවගේ ගෙ මූණ දිහා..

    "සර් සමාවෙන්න මං කියන දේ වැරදි නම්.මං මේව කියන්නෙ සර් මෙහාට අලුත් නෙ ..අනික තාම තරුණයි..සර්ට මේ වගෙ අත්දැකීම් අඩු ඇති"

"මොනවද කියන්න තියෙන්නෙ?..වටේ යන්නෙ නැතුව කියන්න"

     "සර් ඒ ගෑනු කෙනා ඉස්සරත් නිතර පැම්ණිලි කරන්න එනව.අපි හැමවෙලේම ඒව විමර්ශනය කරා.ඒත් අපිට අන්තිමට තේරැණා.ඒ ගෑනු කෙනාට මොනව හරි මානසික ලෙඩක් තියෙනව කියල..ඒ පුරුද්දට වගේ තමයි සර් ඔය පැමිණිලි කරන්න එන්නෙ"

"මානසික ලෙඩක් තියනව කියල තීරණය කරේ කොහොමද ?..වෛද්‍ය වාර්තාවල එහෙම තිබ්බද ?"

"නෑ සර්..හැසිරීම ඒ වගේ ..කියන දේවල්වල තේරැම ඒ මනුස්සයෙක් දන්නෙ නෑ "

"ඔය කියන විදියට හැසිරීමෙන් මානසික ලෙඩක් තියනව කියල කියන්න පුළුවන්නම් මොකටද වෛද්‍යවරු ඉන්නෙ..? අනික ලෙඩෙක් කියල බැලූ බැල්මෙන් කියන්න පුලුවන් දක්ශතාවයක් තියාගෙන ඔයා මොකද පොලිසියෙ නැවතුණේ?"

"එහෙම නෙමේ සර්.."

"එහෙනම් කොහොමද?...එතකොට ඒ ශෙල්ටන් කියන මනුස්සය  ගැන මොකද කියන්නෙ?"

    "සර් , ඒ මනුස්සයගෙ වරදකට සාක්ෂි අපි දන්න තරමින් අහුවෙලා නෑ..ගෙවල්වල බීල රණ්ඩු වෙන පෞද්ගලික ආරවුල් අපිට මැදිහත් වෙලා නතර කරන්න බෑ සර්..ඒවට අවවාද කරනව ඇරෙන්න වෙන දෙයක් කරන්න බෑ..ඔය පැමිණිලි කරාට අද හවස් වෙද්දි දෙන්න හොදයි..අනික ශෙල්ටන් මුදලාලි එක්ක සමහර පවුල් ගොඩක් තරහයි..සමහරවිට ඒ මනුස්සය සල්ලි තියන කෙනෙක් හින්ද වෙන්න ඇති.."

යදම්Where stories live. Discover now