We've updated our Content Guidelines.
Review the latest guidelines to keep sharing stories safely.

යදම් - 37

7.6K 548 18
                                        

      භානු හැමදාම මහ රෑ වෙනකම් වැඩ.... පුටුවෙ ඉදගන්න අමාරැ හින්ද ලැප් එක ඇදේ තියගෙන ඇද වියලට හේත්තු වෙලා  ඇදේම ඉදන් වැඩ..
..නිවාඩු දවස්වල ඇරියස්..පව් කොල්ල. ප්‍රයිවට් එහෙම තමයි.......මගෙ පාර්ට් ටයිම් ඩියුටිය එයාට කෑම දෙන එකයි, ඇහැරල ඉන්න එකයි..සමහර දවස්වලට භානු නිදාගද්දි මහ රෑ වෙනව.මාත් ඒ වෙනකම්ම ඇහැරල ඉන්න කියල භානුගෙ ඇදට ආවත් මට ටික වෙලාවකින් නින්ද ගිහින් හැමදාම...

"භානු...එකොලහයි ...නිදාගමු"

මං කිවවෙ භානු ලගින් ඇලවෙන ගමන්.

"උබ නිදාගනින් සුද්දා..තව ටිකයි ..මං ඒකත් ඉවර කරලම නිදාගන්නම්"

    භානු කියන්නෙ මගෙ ඔලුව අතගාන ගමන්.දැන් දැන් මට ඒ ස්පර්ශය නැතුව බැරි තරම්..එයා ගැන මගෙ හිතේ තියෙන ආදරේ විග්‍රහ කරන්න මං යන්නෙ නෑ..ඒත් ඒ ඇගිලි තුඩුවල ස්පර්ශය පවා මගෙ හිත දැන් වෙනදට වඩා ඉල්ලන්න අරන්. සමහර වෙලාවට මට භානුව කිස් කරන්න හිතෙන්නෙ හිතේ කිසිම විරැද්ධත්වයක් නැතුව..

"මොනවද සුද්ද කල්පනා කරන්නෙ ?"

    භානු අහන්නෙ මං එයාගෙ උරහිසට ඔලුව හේත්තු කරන් ඔහේ බලන් ඉද්දි.

"මොකුත් නෑ"

"වෙන්න බෑ..උබට හිතෙනව නේද මං උබව වෙනස් කරන්න හදනව කියල ?"

"නෑ බන්..එහෙම නම් මං මේ විදියට තුරුල් වෙයිද ?"

     මං කිව්වෙ භානුට තව ටිකක් හේත්තු වෙන ගමන්.

"මට ආදරේද ?"

    භානු අහන්නෙ ලැප් එක වහල ලොකු හුස්මක් අරන්.එයා ඒක පැත්තකට දාල මගෙ කරට අත දාගත්ත..

"ඒක ඔයා දන්නව "

"නෑ....මං දන්නෙ ඔයා මට යාලුවෙක්,  සහෝදරයෙක් ට වගේ ආදරෙයි කියල"

"ඊට එහා ගිය ආදරයක් තියනව කියල මට දැනෙනව "

"ඒ ආදරේ හිතට බල කරපු එකක්ද?"

"නෑ මැණික..ඔය හිත නිදහස් කර ගනින් ..මං ආදරෙයි ගොඩක්."

    මං හිනාවෙලා කිව්වෙ භානුගෙ කකුලක් උඩින් අත තියන ගමන්..

"එතකොට gay ආදරේ ගැන දැන් තියෙන ආකල්පය මොකක්ද සුද්ද.?.ඉස්සර නම් නයාට අදුකොල වගේ..දැන්?..පසුතැවෙන ද?"

යදම්Stories to obsess over. Discover now