යදම් - 42

1.3K 191 18
                                    

"ඒ මොකටද?"

"මනමාලි බලන්න"

   ඒක කියද්දි පපුවටත් මොකක්ද වුණා... ගොඩක් දුක යි..දැන් අතාරින්න බෑ භානුව.අතාරිනව කියල හිතන්නවත් බෑ....මං සද්ද නැතුව බාත්රෑම් එකට ගියෙ කතා කරන්න හිතුණෙ නැති හින්ද..හිත හරියට පාලු වුණ හේනක් වගේ..ලඟින් ඉදල ඈත් වෙනව කියන එක දරා ගන්න බෑ..මං ශවර් එක යටට ඇවිත් වතුර යට හිට ගත්ත..සීතල කියන දේ දැනුණෙම නෑ..පපුව දනව..ඇස්වලින් කදුලු වැටුණෙ පුලුවන් තරම් ඒක දරාගන්න ට්‍රයි කරද්දි.....

      ඉස්සර භානු හිතින් ප්‍රාර්ථනා කරනවලු මට කෙල්ලෙක් සෙට් වෙන්න එපා කියල..ඒත් දැන්  ඒක ප්‍රාර්ථනා කරන්නෙ මං........මං දන්නෙ නෑ ඒක මොන තරම් ආත්මාර්ථකාමී සිතුවිල්ලක් ද කියල ..ඒත් මට භානු කාටවත් දෙන්න ලෝබයි..අත්හැරීමත් ප්‍රේමයක් ලු..මාත් එහෙම හිතල තියනව..ඒත් මම ම ඒ වලට වැටණම ඒ දාර්ශනික කතා වැදගත් නෑ..
 
     මං ගැස්සුණේ පිටිපස්සෙන් මගෙ ඉන වටේ එතුණ අත් දෙකට..භානු ...එයාට තේරෙන්න ඇති මගෙ හිත....මගෙ ඇස්වලින් කදුලු එන එක දෙගුණ තෙගුණ වුණේ ඒ ස්පර්ශයත් එක්ක.භානු තව තව මට තුරුල් වුණේ සීතල වතුරෙන් අපි දෙන්නම තෙමෙද්දි..

"ඔයා නාලද ඉන්නෙ ?"

    මං ඇහුවෙ අමාරැවෙන් දුක පෙන්නන්නෙ නැතුව..ඒත් භානුට හොර කරන්න බෑ.

"උබ අඩනව නේද?"

   භානු මගෙ බෙල්ලට මූණ තියන් කොඳුරල අහද්දි පපුවත් එක්ක හිර වුණා.

"නෑ"

"නැත්තෙ නෑ"

"නාලනෙ ඉන්නෙ ..තෙමෙන්නෙ නැතුව යන්න"

"බෑ..දැන් මට තෙමෙන්න ඕන"

    භානු කියවන්නෙ තව ටිකක් මාව එයාට තද කරගන්න ගමන්..එයාගෙ කටහඬත් අඩන්න ඔන්න මෙන්න වගේ..

"භානු ..කවදහරි දවසක උබ පසුතැවෙයි කියල හිතෙනවද සම්මත කසාදයක් කරගත්තෙ නැතුව හිටියොත් ?"

" ඇයි එහෙම අහන්නෙ මැණික?..මං නේද ඉස්සරල ආදරේ කරේ..?මං ඇයි එහෙම හිතනනෙ? ඒක මං ඔයාගෙන් අහන්න ඕන ප්‍රශ්නය ක්.."

   භානු කියද්දි ආයෙමත් මගෙ ඇස්වලින් කදුලු ගලනව..යන්නත් බැරි ඉන්නත් බැරි තැනක අපි හිරවෙලා..

යදම්Where stories live. Discover now