We've updated our Content Guidelines.
Review the latest guidelines to keep sharing stories safely.

යදම් - 24

5.8K 530 24
                                        

යදම් - 24

    උදේ  ඇදේ නිදාගෙන ම මං හංසිට කෝල් එකක් ගත්තෙ යාලු කරගන්න..

"හෙලෝ සුදු මැණික "

     මං හිනාවෙලා කතා කරද්දි භානුත් මං දිහා බලල ඇහැක් ගැහුවෙ මනමාල හිනාවක් දාල.ඌත් තාම ඇහැරල ඇදට වෙලා හිටියෙ කම්මැලිකමින් වගේ.

"මොකටද ගත්තෙ? ..ඊයෙ රෑ නිකමටවත් මට මැසේජ් එකක්වත් දැම්මෙ නෑ"

"ඔය ඉතින්?....ඔහොම තරහ ගන්න එපා අනේ..ඔයා ඉක්මනට නාකි වෙයි... අක්කා ඇවිත් ඉන්නෙ ..ඔයාගෙ  නෑන අඳුරගන්න ආස නැද්ද?..අනික නැන්දම්මත් ඔයාව බලන්න ගොඩක් ආසාවෙන් ඉන්නෙ"

   "අම්මෝහ්..මට බයටම පපුවත් ගැහෙනව වගේ .මං ගැන කිව්වද හේෂ් ?"

"හ්ම්"

"අනේ..මට බෑ දැන්ම එයාලට මූණ දෙන්න"

"ඇයි .?.එයාල ඔයාට දඬුවම් කරයි කියල හිතෙනවද?"

"ම්..නෑ ඉතින් දඩුවම් කරත් මගෙ මහත්තය මාව බේර ගන්නවනෙ "

"ම්ම්..ඒ ගැන නම් පොඩ්ඩක් හිතල බලන්න ඕනෙ"

    "හායි..ගුඩ් මෝනින් ..මස්සිනාල දෙන්න තාම නිදිද..?"

      මං පෝන් එක කනේ තියාගන ම බැලුවෙ දොර දිහා..අක්ක හිනාවෙවී කෑ ගහනව..මං ඇඟිල්ල තොල්වලට තියල අතින් සන් කරේ අක්කට කෑ ගහන්න එපා කියල.

"හිච්චි ..මේ අපේ නෑන එක්ක ද මෙයා මල් කඩන්නෙ?"

   අක්ක හෙමින් ඇහුවෙ භානු ලඟින් ඉදගන්න ගමන්..

"ඔව් අක්කෙ..පේනවනෙ මූණෙන් පැණි බේරෙන හැටි..?"

"මට අදහගන්න බෑ මේ මගෙම මල්ලිද කියල?..මට හිතෙනව DNA ටෙස්ට් එකක් කරන්න...මොකද ඉතින් මෙයාට කවද්ද රොමෑන්ටික් මූඩ් එකක් තිබ්බෙ?".

   අක්කයි භානුයි හිනාවෙවි මං ගැන කියවනව.මං හංසි එක්ක කතා කරාට ඒ දෙන්නගෙ දිහාටත් පොඩ්ඩක් කන දාල හිටියෙ..මට දැන් පේනව මේ කතාව තව දුරටත් කරගෙන යන්න බෑ..උන් දෙන්න කින්ඩියට හිනාවේගන මං දිහා බලන්..

"හරි මැණික මං තියන්නම්..පස්සෙ ගන්නම්"

    මං පෝන් එක තියන්න හැදුවෙ අක්කයි භානුයි දිහා බලාගෙන.

යදම්Stories to obsess over. Discover now